රනිල් තේරීම් කාරක සභාව හමුවට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (06)  සාක්ෂිදීමට නියමිතය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා අමාත්‍ය සාගල රත්නායක, ඇමති රංජිත් මද්දුමබණ්ඩාර අද දිනයේ සාක්ෂි ලබා දුන්නේය.

Read More

මේ මස අවසානයට පෙර පෙරමුණ හදනවා

අගෝස්තු මාසය අවසන්වීමට පෙර  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිතකිරීම අද (5) දිනට නියමිතව තිබූ නමුත් එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එය කල් යවා තිබුණි.

Read More

රන්ජන්ගේ ප්‍රකාශය ගැන හොයන්න අගමැතිගෙන් කමිටුවක්

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂණය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ය. රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත්…

Read More

අගමැතිගේ සහයෙන් ගත් කෘෂි ගොඩනැගිල්ලේ කුලිය හෙළිවෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි ගොඩනැගිල්ල බද්දට ලබා ගත් මුදල පිළිබඳව ජනාධිපති කොමිසමේදී අද (23) අනාවරණය විය. පළමු අවුරුදු 02 සඳහා මසකට රුපියල් මිලියන 21 බැගින් ගොඩනැගිල්ලට බදු ගෙවා ඇතැයි මෙහිදී අනාවරණය විය. තුන්වන වසරේ සිට ගොඩනැගිල්ලේ මාසික බදු මුදල රුපියල් මිලියන 23 කි මෙම කරුණු අනාවරණය වුයේ එම ගිවිසුම සකස් කිරීමට සහය දුන් නීතිඥ කණුෂ්ක ගුණවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගෙන ඇත. බදු ගිවිසුමට අත්සන් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ…

Read More

මම සමාව ගන්නේ නෑ

භික්ෂූන් වහන්සේ සම්බන්ධව තමා කළ  ප්‍රකාශය පිළිබඳව ඇමති  රංජන් රාමනායක මහතා අද(17) අගමැතිවරයා හමු වී කරුණු පැහැදිලි කළේය.   ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වු ඔහු පවසූයේ තමා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකළ බැවින්   සමාව ගැනීමේ අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.  

Read More

රිෂාඩ් නිර්දෝෂයි ඒත්, සමහරු අයි.එස්.අයි.එස්.ට අනුබල දෙනවා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ යම් යම්කොටස් සමහරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. එහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා; පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ යම් යම්කොටස් සමහරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් සිදු වන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදවයට අනුබල දීමක් බව පෙන්වා දුන්නේය. කිසිම වාර්තාවක…

Read More

තේරීම් කාරක සභාව හමුවට ගොස් දන්නා දේ කියනවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා පෙනීසිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත්, එය නිත්‍යානුකූල බව අධිකරණයත් පිළිගෙන තියෙනවා. අපට හංගන්නට දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට යන්නට බයක් නෑ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

Read More

මිතුදමේ සවිය

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. දෙරට මුහුණපා සිටින සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කෙරිණි. ශ්‍රී ලංකාව හා නේපාලය අතර මෙන්ම අග්‍රාමාත්‍යවරු දෙපළ අතර දිගු කලක සිට පැවැතෙන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට ද මෙම සාකච්ඡාව ඉවහල් විය. පසුගිය අප්‍රේල් 21 වැනි දා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව නැවත වතාවක් සිය කණගාටුව පළ කළ නේපාල…

Read More