චමල්, වෙල්ගම නාමයෝජනා නෙදෙයි

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා බාර දී තිබේ. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අැප තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම අැතුළු 6 දෙනෙක් නාමයෝජනා බාර දී නොමැත. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා 41 දෙනෙක් අැප තැන්පත් කර සිටි අතර නාමයෝජනා භාරගැනීම අද(07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවිය.

Read More

වෙල්ගම බදුල්ලෙන් ඉවතට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක තනතුර සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා පත්කරගෙන තිබේ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනයේ දී පක්ෂයේ බහුතර කැමැත්ත මත තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් තෝරා පත් කෙරිණි.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබිණි.

Read More