අනතුරකින් තුනක් මරුට

දඹුල්ල- හබරණ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස්  තවත් ⁣දෙදෙනෙකු තුවාල ලබා ඇත. වෑන් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් කුඩාමීගස්වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.  මිය ගිය අයගෙන් දෙදෙනෙකු ගැහැණු පුද්ගලයන්ය.

Read More

ගණිත ගුරා ඇතුලු 8කට ඇප

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර  සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු‍ 8 දෙනා ඇප මත මුදා හැර ඇත. මොවුන් අද(05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2 ක බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමට  අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.

Read More

වෑන් රියට පහර දුන් 4ක් රිමාන්ඩ්, ප්‍රාඩෝ හා ඩිෆෙන්ඩර් අයිතිකරුවන් තවමත් නිදැල්ලේ

කළගෙඩිහේනේදී වෑන් රථයට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් කොළඹ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා ලබන සඳුදා දක්වා රිමාන්ඩ් කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය මහරගම නිවසක තිබි ඊයේ පොලීස් භාරයට ගැණුනද ප්‍රාඩෝ රථය මෙතෙක් සොයාගෙන නැත. සිද්ධියට සම්බන්ධ ප්‍රාඩෝ රථයේ වර්තමාන හිමිකරුවන අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග හෝ ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු වන, අංක 34, ගාල්ලේගම, ඉංගිරිය යන ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග තවමත් පොලිස් අත්අඩංගුවට පත්ව නැත.

Read More

වෑන් රථයට පාට් දැමූ ජීප් රථ සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ -නුවර පාරේ කලගෙඩිහේන දී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට පහර දුන් ඩිෆෙන්ඩර් රථය මහරගම ප්‍රදේශයේ නිවසකදි පොලිස් බාරයට ගෙන ඇත. WP CAD 8850 ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සහ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව ඇත. ඔවුන් මතුගම හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 45 සහ 32 වියෙහි පසුවන්නන්ය. ඊයේ (18) සුදු පැහැති ප්‍රාඩෝ ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කළ බව වෑන් රථයේ රියදුරු පැවසීය. WP CAG 0550 දරණ ප්‍රාඩෝ ජිප් රථය අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන්…

Read More