සහරාන් සමග පුහුණුවූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

අප්‍රෙල් 21 ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු  පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවද අනාවරණය වි තිබේ.

Read More

NTJ පුහුණුව ලබා රට පනින්න හැදූ අයෙක් අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාද් සංවිධානයෙන් පුහුණුව ලැබූ අන්සාර් මොහොමඩ් රිනාස් නම් පුද්ගලයයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නුවරඑළියේ දී ජාතික තවුහිද් ජමාද් සංවිධානය යටතේ ඔහු පුහුණුවලබා ඇතැයි වාර්තා වෙයි. විදෙස් ගත වීමට උත්සාහ දරමින් සිට ඇති සැකකරු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More