ගුරු සිසු තොරතුරු Online ක්‍රමයට

තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. පාසල් පද්ධතිය සක්‍රීය ව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා…

Read More

අන්තර් අදත් මහ පාරේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් නිසා යුනියන් පෙදෙස සහ ටවුන්හෝල් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවි තිබේ. ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ පවතින අධ්‍යයන ගැටළුවලට විසදුම් බඩගෙන ලෙස ඉල්ලා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණි. විරෝධතා පෙළපාලිය කොළඹ වෝඩ් පෙදෙසේ  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කරමින් සිටීම හේතුවෙන් අවට මාර්ග කීපයක් තාවකාලිකව වසාදැමීම⁣ට පොලිසිය කටයුතු කර ඇත.

Read More

අකිල කොමිසමට

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අද (01) බරපතල වංචා දූෂණ විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේය පාසල් පෙළ පොත් මුද්‍රණයේදී ඇමතිවරයාගේ ඡායාරූපය යොදා මුද්‍රණය කිරීමෙන් රජයට මූල්‍ය පාඩුවක් වී ඇතිබවට කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය මේ සම්බන්ධයෙන් මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බි. ඉලංගසිංහ ද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබුණි

Read More