සහරාන් සමග පුහුණුවූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

අප්‍රෙල් 21 ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු  පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවද අනාවරණය වි තිබේ.

Read More

සහරාන් සමග පුහුණුවූ තිදෙනෙක් අත්අඩංගුවට

තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නැමති  සමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලබා ඇති බව පොලීසිය පවසයි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහීඩ්, මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් සහ මෙහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන අයයි. ඔවුන් ගෙලිඔය සහ මානවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙහොමදු තාහීර් හිදයතුල්ලා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන බවද පොලීසිය සඳහන් කළේ ය.

Read More

සහරාන් සමග පුහුණුව ලැබූ JMI අනුරාධපුර නායකයා අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන තවුහිත් ජමාත් ක්‍රියාකාරික සහ “ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම්” සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොමඩ් ස්මයිල් මොහොම්මද් සල්මාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කහටගස්දිගිලිය සම්පත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අම්පාර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සහරාන් සමග අවි පුහුණුව ලැබූ අයෙක් මහරගමින් අල්ලයි

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් සමග නුවර එළිය බ්ලැක්පූල් ප්‍රදේශයේදි පුහුණුව ලැබූ තවත් අයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි මොහොමඩ තාජුඩීන් ආෂිෆ් නැමති පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මීට දින 3කට පෙර එහි සේවයට පැමිණි අයෙකි. 20 හැවිරිදි මෙම සැකකරු දිප්පිටිය අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් අයෙක් අත්අඩංගුවට

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්, ප්‍රශ්න කිරීම සඳහා මොහොම්මදු මුක්තාර් ආසික් රසාක් නැමති පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දවුලගල පාර, එළුගොඩ,හේන්දෙණිය , පේරාදෙණිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 29 ක් වු මොහු  සහරාන් සමඟ මහනුවර අරුප්පල ප්‍රදේශයේ දී පුහුණු කඳවුරේ දී පුහුණු වීම් ලබා ඇති බව ද අනාවරණය වී තිබේ. ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්, ප්‍රශ්න කිරීම සඳහා අද (09) දිනයේ දී මොහුගේ නිවසේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More