වෑන් රියට පහර දුන් 4ක් රිමාන්ඩ්, ප්‍රාඩෝ හා ඩිෆෙන්ඩර් අයිතිකරුවන් තවමත් නිදැල්ලේ

කළගෙඩිහේනේදී වෑන් රථයට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් කොළඹ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා ලබන සඳුදා දක්වා රිමාන්ඩ් කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය මහරගම නිවසක තිබි ඊයේ පොලීස් භාරයට ගැණුනද ප්‍රාඩෝ රථය මෙතෙක් සොයාගෙන නැත. සිද්ධියට සම්බන්ධ ප්‍රාඩෝ රථයේ වර්තමාන හිමිකරුවන අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග හෝ ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු වන, අංක 34, ගාල්ලේගම, ඉංගිරිය යන ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග තවමත් පොලිස් අත්අඩංගුවට පත්ව නැත.

Read More

ෂාෆි යළි රිමාන්ඩ්

අධිකරණය හමුවට ඉදිරිපත් කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ලබන 25 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (11) නියෝග කලේය. අයතා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනාවල බරපතලකම සහ මහජන කැලඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරන⁣ බව මහේස්ත්‍රාත්වරයා පැවසුවේය. මෙම වෛද්‍යවරයා ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Read More

මීගමුව විපක්ෂ නායක රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් ‍මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ රොයිස් ප්‍රනාන්දු මහතා ජූලි  17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් කටාන පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව ඊයේ (07) අත්අඩංගුවට ගත් ‍රොයිස් ප්‍රනාන්දු මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කළේය.

Read More