රන්ජන්ගේ ප්‍රකාශය ගැන හොයන්න අගමැතිගෙන් කමිටුවක්

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂණය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ය. රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත්…

Read More

මම සමාව ගන්නේ නෑ

භික්ෂූන් වහන්සේ සම්බන්ධව තමා කළ  ප්‍රකාශය පිළිබඳව ඇමති  රංජන් රාමනායක මහතා අද(17) අගමැතිවරයා හමු වී කරුණු පැහැදිලි කළේය.   ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වු ඔහු පවසූයේ තමා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකළ බැවින්   සමාව ගැනීමේ අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.  

Read More

රනිල්ගෙන් රන්ජන්ට ලිපියක්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක මහතා විසින් මහා සංඝරත්නය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානය යොමුවී ඇති බව පවසමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු වෙත ලිපියක් යවා ඇත. මහා සංඝරත්නය සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්විම පිලිබදව පැහැදිලි කිරීමක් ජුලි 21ට පෙර තමාට ලිඛිතව යොමු කරන ලෙස අගමැතිවරයා සිය ලිපියෙන් රන්ජන් රාමණායක මහතා වෙත දැනුම් දී තිබේ.  

Read More

මඩුගල්ල හා ධර්මසේන යළි තරගබිමට

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට එක්වන විනිසුරු මණ්ඩලය සහ තරග තීරකවරයා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අද (12) ප‍්‍රකාශයට පත්කළේය. ඒ අනුව රන්ජන් මඩුගල්ල අවසන් මහ තරගයේ තරග තීරක ලෙස පත්කර තිබේ. කුමාර් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස පත්කර ඇත. ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ අවසන් මහ තරගයක රන්ජන් මඩුගල්ල තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන සිව්වන අවස්ථාවටයි. ඔහු මීට පෙර 1999, 2003 සහ 2015 යන වසරවල පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගවල තරග තීරකවරයා ලෙස කටයුතු කළා. ඒ අනුව රන්ජන් මඩුගල්ල කි‍්‍රකට් ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් මහ තරග වැඩිම සංඛ්‍යාවක තරග…

Read More