හි⁣ටපු ඇමති 10ක් හා ආණ්ඩුකාරවරයෙක් තවම නිල නිවාසවල?

හිටපු ඇමැතිවරුන් දස දෙනෙකු සහ ආණ්ඩුකාරවරයෙකු තවමත් සිය නිල නිවාස භාර දී නැතැයි වාර්තා වෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මොවුන් අමාත්‍ය ධුරවලින් ඉවත් වීමෙන් පසු  නිල නිවාස භාර දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන්ට දැනුම් දී ඇත.

Read More

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දී අැත. දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස හේමාල් ගුණසේකර මහතා දිවුරුම් දී තිබේ. මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාර ලෙසත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස රංජිත් කීර්ති තෙන්නකෝන් මහතාද දිවුරුම් දී අැත.

Read More

මෛත්‍රී ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය, වම් වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබේ.

Read More

හිස්බුල්ලාගේ සරසවියට සවුදියෙන් මුදල් ලැබීම ගැන සොයයි

ඉදිකෙරෙමින් පවතින මඩකලපුව විශ්වවිද්‍යාලයට සවුදි අරාබියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100කට අධික මුදලට සම්බන්ධව බැංකු වාර්තා FCID වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (18) ලංකා බැංකුවට නියෝග කළාය. මීට අමතරව Batticlo Campus Pvt LTD සමාගමේ අධ්‍යක්ෂකවරු කොටස් වෙළෙඳපොළේ සිදු කළ ආයෝජන පිළිබඳව වාර්තාවක් ද FCIDය වෙත ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය කොළඹ කොටස් හුවමාරුවට නියෝගය කළාය. මෙහි අධ්‍යක්ෂකවරු වන මොහොමඩ් හිස්බුල්ලා අහමඩ් හිරාස් , මොහොමඩ් හිස්බුල්ලා හිෆාස් හිස්බුල්ලා අහමඩ් මහිර් මොහොමඩ් ෆසුල් ජෆරි, මොහෙමඩ් ෆසිර් මොහොමඩ් සුරේයි,මොහොමඩ් ෂාබ්දීන් මොහොමඩ් හික්රාන්, සෙයි මොහොමඩ් ස්මයිල්, දොන් කමල් ධර්මසිරි…

Read More

අපේ ජාතික නායකයා කවදත් ප්‍රභාකරන් -උතුරේ හිටපු ඇමතිගෙන් විජයකලාට පළිතුරු

එළඹෙන ජනපතිවරණය යේදී සෑම ජාතියකටම පිළිගත හැකි ජාතික නායකයකු පත්කරගත යුතු බවත් ඒ ජාතික නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ (05) යාපනයේදී පැවසීය. එයට අද පිළිතුරු දුන්  දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමති අයින්ගරනේෂන් කියා සි⁣ටියේ තම ජාතික නායකයා කවදත් ප්‍රභාකරන් බවයි. රටේ පවතින සෑම ප්‍රශ්නයකටම  මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කරන එජාපය එදා චන්ද්‍රිකා මැතිණිය ගෙනා විසඳුම් යෝජනා කඩාකප්පල්  කල බවද සඳහන් කළේය.

Read More