හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් නිදහස් කරන්නේ නෑ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි. යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read More

දම් සරණී -දිවයිනේ පළමුවරට පූජ්‍ය පක්ෂයට, දහම් පාසල් ගුරුවරුන්ට විශේෂිත වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක්

පන්නිපිටිය පෞද්ගලික රෝහල යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගයමින් ”දම්සරණී” නමින් විශේෂ කාඞ්පතක් හඳුන්වාදී ඇත. මෙම කාඞ්පත රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් පූජ්‍ය පක්ෂයට සහ දහම් පාසල් ගුරුවරුන්ට සුවිශේෂී වට්ටම් සහිතව ප‍්‍රතිකාර ලැබීම සහ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම ඇතුළු තවත් පහසුකම් රැුසක් හිමිවෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසුවේ පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ට ගෞරවය පුදකිරීම සඳහා ඔවුන් වෙත මෙවැනි වරප‍්‍රසාදයක් පිරිනැමීමට රෝහල තීරණය කළ බවය. ”සමාජයේ යහපත උදෙසා කැපවීමෙන් කටයුතු කරන්නන්ගේ සේවය අද…

Read More