ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු:2 කින්, 95 රු:4 කින් සහ සුපිරි ඩීසල් රු:3 කින් මිල ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව නව ඉන්ධන මිල ගණන්:⁣පෙට්‍රල් (92)-රු:138, (95)-රු:163, සුපිරි ඩීසල්-රු:134ක් වේ. රු:104ක්ව පැවති ඔටෝ ඩීසල් මිල වෙනස් නොවේ.

Read More

කිරි පිටි මිල ඉහළට

ආනයනික කිරි පිටි මිළ ඊයේ (01) මධ්‍යම රාත්‍රී සිට ඉහළ දමා ඇත. ඒ අනුව ආනයනික කිරි පිටි කිලෝ එකක මිළ රුපියල් 15කින් ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 5 කින්ද ඉහළ යන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

Read More

ඉහළ ගිය පාන් මිල යළි පහලට

  පිටි මිල ඉහළ යාම නිසා ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමු ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල අද (18) රාත්‍රියේ සිට නැවත පැරණි මිල ගණන් යටතේ අලෙවි කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ජුලි 16 මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැම්මේය කෙසේ වෙතත් නැවතත් පැරණි මිල ටම පාන් ⁣අලෙවිකරන බව සංගමය කියයි  

Read More

පාන් මිල නගී

ග්‍රෑම් 450 ක් වු පාන් ගෙඩියක මිල අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දමා ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර ඇත.

Read More

IOC ඉන්ධන මිලත් බස්සයි

ලංකා IOC  ඉන්ධන මිලද පහළ දමා ඇත. IOC ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 3කින් අඩුකර තිබේ. ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපිරි ඩීසල්  ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇති නමුත් ඔවුන්ද ඔටෝ ඩීසල් මිල  සංශෝධනය කර නැත.  

Read More

ඉන්ධන මිල අඩුවෙයි

ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල අද (ජුලි 10) මධ්‍යම රාති‍්‍රයේ සිට අඩුකර තිබේ. ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩුකර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 136කි. ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇත. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක් ද සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් ද වේ. නමුත් ඔටෝ ඩීසල් මිල මෙවර සංශෝධනය කර නැත එහි මිල රුපියල් 104කි.

Read More

රට පුරා යළි බාල පෙට්‍රල්?

ර⁣ටපුරා අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් වල පවතින ඔක්ටේන් අගය 90.5 පමණක් බව ලංකා ඛණිජ ⁣තෙල් සංස්ථා පිරිපහදුව මගින් කළ පරීක්ෂණයකින් අනාවරණය වි ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව කොළඹ IOC ඉන්ධන පිරවුම් හලකින් ගත් සාම්පල පරීක්ෂණයකින් මේ බව හෙළිදරව් වී ඇති බවත් ඒ ඉන්ධන නිකුත් කර ඇත්තේ ඛණිජ ⁣තෙල් සංස්ථා බවුසරයකින් බවත් ඔවුන්  චෝදනා කරයි. මේ අනුව රටපුරා⁣ ඔක්ටේන් 92, 95, යුරෝ 4, යුරෝ 5 ලෙස බෙදා හරින්නේ එකම වර්ගයක ඉන්ධනද බවට සැකයක් ඇතිවන බවද එම ව්‍යාපාරය පවසයි.

Read More