නාගාගේ ඡන්දයත් වෙනත් අයෙකුට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අනුර කුමාර දිසානායක මහතාට සහය දීමට තීරණය කර අැතැයි වාර් තා වෙයි. අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයාය.

Read More

චමල්, වෙල්ගම නාමයෝජනා නෙදෙයි

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා බාර දී තිබේ. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අැප තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම අැතුළු 6 දෙනෙක් නාමයෝජනා බාර දී නොමැත. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා 41 දෙනෙක් අැප තැන්පත් කර සිටි අතර නාමයෝජනා භාරගැනීම අද(07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවිය.

Read More

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගනී

නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද(07) සිදුකිරීමට නියමිතයි. අද පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතය. නාමයෝජනා වෙනුවෙන් විරෝධතා දැක්වීම සදහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව හිමි වෙයි මෙවර ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වු අතර අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

Read More

ජනපතිවරණයට පොහොට්ටුවෙන් ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

Read More

ජනපතිවරණය නොපැවැත්වෙන හේතු මැකෝ හෙළි කරයි

ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම නොවැම්බර් 15 ත් දෙසැම්බර් 7 ත් අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත්පමණක් එය වෙනස්වන බව පැවසූ ඔහු තමාට ආතතිය සෑදී නැති බවත් යම් හෙයකින් එසේ වුවහොත් කම කාර්‍යාල කාමරයේ සෑම ආගමක ආගමික ග්‍රන්ථ ඇති බවත් ඒවා කියවිය හැකි බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයා තම ධූරකාලය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී ප්‍රත්‍යක්ෂ වූ බවද දේශප්‍රිය මහතා කීය.

Read More

ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

රාජ්‍යයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කර තිබේ. ජුලි 18 අවසන් වීමට නියමිතව තිබු කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 18 දක්වා දිර්ඝ කර ඇත.

Read More