ජනපතිවරණයට පොහොට්ටුවෙන් ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

Read More

ලකීට අනෝමාට රාජ්‍ය ඇමති ධූර

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඉදිරියේ දිව්රුම් දුන්හ. ඔවුන්ගේ නම් පහත පරිදි වේ. ලකී ජයවර්ධන මහතා  නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මිය දිවුරුම් දුන්නාය.

Read More

මංගල තීන්දුවක් ගනී

ඉදිරි පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව තමා දේශපාලනයෙන් සමුගන්නා බව  මංගල සමරවීර ඇමතිවරයා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තම දේශපාලන දිවියට තිස් වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (07) මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. සමහරු කියනව මම  ඊළඟ මහ මැතිවරණයට ඒන්නේ නෑ කියල, මේ ඡන්දයේදී මම අනිවාර්යයෙන් එනවා.  “ඊළඟ මහමැතිවරණය මම ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණයයි, මට අවුරුදු 63යි. තව අවුරුදු 05ක් කලාම හොඳටෝම ඇති බවද ඔහු පැවසීය.

Read More

නොගැලපෙන රස්සා තුනකින් අස්වී දේශපාලනයට ආවා

තමා රැකියා 3ක් කළ බවත් ඒවා තමාට නොගැලපුනු නිසා ඉල්ලා අස්වී පූර්ණකාලීන දේශපාලනයට පිවිස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දේශපාලනය තුළ ජනපති තනතුර දක්වා කැපවීමෙන් කටයුතු කළ බවත් ඔහු සඳහන් කරයි.  පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් කීපයක ඉදිකල ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීමේ උත්සවයකදි ජනාධිපතිවරයා මේ බව පැවසීය. කැපවීමෙන් කටයුතු කිරීමෙන් දරුවන්ට හොඳ අනාගතයක් උදාකර ගත හැකි බව ද සිරිසේන මහතා පැවසීය.

Read More