සහරාන් සමග පුහුණුවූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

අප්‍රෙල් 21 ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු  පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවද අනාවරණය වි තිබේ.

Read More

කැනඩාවේ පීල් පොලිස්පතිවූ ලංකාවේ නිශාන්

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ඉතිහාසයේ පළමු වතාවට දකුණු ආසියානුවකුට පොලිස් ප්‍රධානි තනතුරක් පිළිගන්වමින් ශ්‍රී ලාංකිකයකු වන නිශාන් දුරෙයිඅප්පා මහතා පීල් මහනගර සභා පොලිස්පති තනතුරට පත්කරගෙන තිබේ. එමෙන්ම මෙය උතුරු අමෙරිකාවේ ඉහළ පොලිස් තනතුරකට පත්කෙරෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු තැනැත්තා ද වනු ඇති බව එරට වාර්තා පවසයි. යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පාගේ ඥාති පුතෙකු වන නිශාන් වයස අවුරුදු 3දී කැනඩාවේ පදිංචියට ගොස් ඇත. පසුව ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස 1995දි කැනඩා  පොලීසිය බැඳී තිබේ. මීට සිව් වසරකට පමණ පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලාබා ඇති නිශාන්  ඔක්තෝබර් පළමුවනදා සිට පීල් මහනගර සභා…

Read More

සහරාන් සමග පුහුණුව ලැබූ JMI අනුරාධපුර නායකයා අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන තවුහිත් ජමාත් ක්‍රියාකාරික සහ “ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම්” සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොමඩ් ස්මයිල් මොහොම්මද් සල්මාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කහටගස්දිගිලිය සම්පත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අම්පාර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලතීෆ්, ඉලංගකෝන් අද විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව අද (25) පෙරවරු 10.00ට යළි රැස්විමට නියමිතව ඇත. අද දිනයේ කාරක සභාව හමුවේ පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සහ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සාක්ෂි දීමට නියමිතය.

Read More

වෑන් රථයට පාට් දැමූ ජීප් රථ සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ -නුවර පාරේ කලගෙඩිහේන දී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට පහර දුන් ඩිෆෙන්ඩර් රථය මහරගම ප්‍රදේශයේ නිවසකදි පොලිස් බාරයට ගෙන ඇත. WP CAD 8850 ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සහ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව ඇත. ඔවුන් මතුගම හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 45 සහ 32 වියෙහි පසුවන්නන්ය. ඊයේ (18) සුදු පැහැති ප්‍රාඩෝ ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කළ බව වෑන් රථයේ රියදුරු පැවසීය. WP CAG 0550 දරණ ප්‍රාඩෝ ජිප් රථය අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන්…

Read More

කොළඹ වාහන ගමනාගමනයට සීමා පැනවේ

කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක අද (14) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව අද උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව සදහන්. නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධානය කරන මෝටර් රථවලින් තොර කලාපය හෙවත් “CAR FREE ZONE” වැඩසටහන හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කළේය. ඒ අනුව ග්‍රීන් පාත් මාර්ගය, කන්නන්ගර මාවත, නිදහස් මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, ශ්‍රී ලංකා පදනම් මාවත සහ මාකස් ප්‍රනාන්දු මාවත යන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව සදහන්. මාර්ග…

Read More

පාකිස්ථානුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 2.085ක් සමග පුද්ගලයෙක්  කොල්ලුපිටියේ දි අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අත්අඩංගුවට පත්වු මොහු පකිස්ථාන් ජාතිකයෙකි

Read More

සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් අයෙක් අත්අඩංගුවට

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්, ප්‍රශ්න කිරීම සඳහා මොහොම්මදු මුක්තාර් ආසික් රසාක් නැමති පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දවුලගල පාර, එළුගොඩ,හේන්දෙණිය , පේරාදෙණිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 29 ක් වු මොහු  සහරාන් සමඟ මහනුවර අරුප්පල ප්‍රදේශයේ දී පුහුණු කඳවුරේ දී පුහුණු වීම් ලබා ඇති බව ද අනාවරණය වී තිබේ. ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්, ප්‍රශ්න කිරීම සඳහා අද (09) දිනයේ දී මොහුගේ නිවසේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මීගමුව විපක්ෂ නායක අත්අඩංගුවට

අයුතු ලෙස නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් මීගමුව මහ නගර සභාවේ එජාප මන්ත්‍රී විපක්ෂ නායකය රොයිස් ප්‍රනාන්දු කටාන පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) පස්වරුවේ මීගමුව නගරයෙදි මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අපරාධයට අදාලව මීට පෙර සැකකරුවන් 5කු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව රක්ෂීත බන්ධනාගාර ගතකර සිටින බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් ජයවීර ආරච්චිගේ රොයිස් විජිත ප්‍රනාන්දු නම් සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read More

නයාරු විහාර බිමේ දමිළ දේශපාලනඥයන් ලිප් බැඳ ගිණි මොලවති

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ ඇති කොවිලේ අද(06) දෙමළ ජනතාව විසින් ලිප් බැඳ දේව පූජාවක් කර තිබේ. මේ සඳහා උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකයින් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මාවෙයි සේණාධිරාජා, හා හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ඇතුලු රැසක්ද සහභාගි වූහ. එම පිරිස එහි පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට ඇති ප්‍රදේශයේ ලිප් 150 ක් පමණ බැද ගිනි දල්වමින් පූජාවක් පැවැත්වූහ. දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේදී වඩාහිඳුවන ලද මුල්ම විහාරස්ථානය නයාරු ගුරුකන්ද විහාරස්ථානයයි. මෙම ප්‍රදේශවල ඉපැරණි බෞද්ධ නටබුන් රැසක් දැන්ද දක්නට ලැබේ.

Read More