රනිල් තේරීම් කාරක සභාව හමුවට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (06)  සාක්ෂිදීමට නියමිතය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා අමාත්‍ය සාගල රත්නායක, ඇමති රංජිත් මද්දුමබණ්ඩාර අද දිනයේ සාක්ෂි ලබා දුන්නේය.

Read More

මිතුදමේ සවිය

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. දෙරට මුහුණපා සිටින සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කෙරිණි. ශ්‍රී ලංකාව හා නේපාලය අතර මෙන්ම අග්‍රාමාත්‍යවරු දෙපළ අතර දිගු කලක සිට පැවැතෙන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට ද මෙම සාකච්ඡාව ඉවහල් විය. පසුගිය අප්‍රේල් 21 වැනි දා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව නැවත වතාවක් සිය කණගාටුව පළ කළ නේපාල…

Read More