ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු:2 කින්, 95 රු:4 කින් සහ සුපිරි ඩීසල් රු:3 කින් මිල ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව නව ඉන්ධන මිල ගණන්:⁣පෙට්‍රල් (92)-රු:138, (95)-රු:163, සුපිරි ඩීසල්-රු:134ක් වේ. රු:104ක්ව පැවති ඔටෝ ඩීසල් මිල වෙනස් නොවේ.

Read More

ලකීට අනෝමාට රාජ්‍ය ඇමති ධූර

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඉදිරියේ දිව්රුම් දුන්හ. ඔවුන්ගේ නම් පහත පරිදි වේ. ලකී ජයවර්ධන මහතා  නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මිය දිවුරුම් දුන්නාය.

Read More

IOC ඉන්ධන මිලත් බස්සයි

ලංකා IOC  ඉන්ධන මිලද පහළ දමා ඇත. IOC ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 3කින් අඩුකර තිබේ. ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපිරි ඩීසල්  ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇති නමුත් ඔවුන්ද ඔටෝ ඩීසල් මිල  සංශෝධනය කර නැත.  

Read More

ඉන්ධන මිල අඩුවෙයි

ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල අද (ජුලි 10) මධ්‍යම රාති‍්‍රයේ සිට අඩුකර තිබේ. ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩුකර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 136කි. ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇත. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක් ද සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් ද වේ. නමුත් ඔටෝ ඩීසල් මිල මෙවර සංශෝධනය කර නැත එහි මිල රුපියල් 104කි.

Read More

බාල පෙට්‍රල් ගැන ඇමතිනිය කියන කතාව

රටපුරා බාල පෙට්‍රල් බෙදාහැර ඇතැයි පැවසෙන කතාව සියයට සියයක් ප්‍රතික්ෂේප කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි. දිවයින පුරා ඔක්ටේන් 92 නමින් බාල පෙට්‍රල් බෙදාහැර ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය අද (8) මේ බව ප්‍රකාශ කළාය පුද්ගලික ඉන්ධන අලෙවිසැල් දෙකකින් තුනකින් පමණක් මෙවැනි සිදුවීමක් සිදුවී ඇතිබවට ආරංචි වූ බවත් එම අලෙවිසැල් මොනවාද යන්න සොයාබලා වාර්තාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්, රටපුරා බාල පෙට්‍රල් බෙදාහැර ඇතැයි පැවසෙන කතාව සියයට සියයක් ප්‍රතික්ෂේප කරන බවත් පවසා සිටියාය. පුද්ගලික අලෙවිසැල් හිමිකරුවන් හට බවුසර්වලදී…

Read More

රට පුරා යළි බාල පෙට්‍රල්?

ර⁣ටපුරා අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් වල පවතින ඔක්ටේන් අගය 90.5 පමණක් බව ලංකා ඛණිජ ⁣තෙල් සංස්ථා පිරිපහදුව මගින් කළ පරීක්ෂණයකින් අනාවරණය වි ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව කොළඹ IOC ඉන්ධන පිරවුම් හලකින් ගත් සාම්පල පරීක්ෂණයකින් මේ බව හෙළිදරව් වී ඇති බවත් ඒ ඉන්ධන නිකුත් කර ඇත්තේ ඛණිජ ⁣තෙල් සංස්ථා බවුසරයකින් බවත් ඔවුන්  චෝදනා කරයි. මේ අනුව රටපුරා⁣ ඔක්ටේන් 92, 95, යුරෝ 4, යුරෝ 5 ලෙස බෙදා හරින්නේ එකම වර්ගයක ඉන්ධනද බවට සැකයක් ඇතිවන බවද එම ව්‍යාපාරය පවසයි.

Read More