හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් නිදහස් කරන්නේ නෑ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි. යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read More

අයහපත් කාලගුණයෙන් 7ක් මරුට 5ක් අතුරුදන්

අයහපත් කාලගුණය නිසා රට පුරා මේ වන විට හත්දෙනකු මිය ගොස් තවත් පස්දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි. එසේම පවුල් 162578ක පුද්ගලයන් 577972ක් අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. වැසි හා සුළං තත්ත්වය මේ මස 21 දක්වා පැවැතෙන බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ස්වභාවය නිසා මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. මේ වන විට අවදානම් කලාප සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ…

Read More