ආයතන 8ක් කෝප් කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරි සති 03 තුළදී රාජ්‍ය ආයතන 08ක් එහි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා කාරක සභාව හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා සතොස ආයතනය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කමිටුව හමුවට කැඳවා ඇත. අගෝස්තු 23 දින විදුලි බල මණ්ඩලයේ ප්‍රගතිය විමසා බැලේ. සැප්තැම්බර් 3 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාව හමුවට කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටි. මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහජන බැංකුව මෙන් ම පරමාණු බලශක්ති…

Read More

රනිල් තේරීම් කාරක සභාව හමුවට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (06)  සාක්ෂිදීමට නියමිතය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා අමාත්‍ය සාගල රත්නායක, ඇමති රංජිත් මද්දුමබණ්ඩාර අද දිනයේ සාක්ෂි ලබා දුන්නේය.

Read More

ලතීෆ්, ඉලංගකෝන් අද විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව අද (25) පෙරවරු 10.00ට යළි රැස්විමට නියමිතව ඇත. අද දිනයේ කාරක සභාව හමුවේ පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සහ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සාක්ෂි දීමට නියමිතය.

Read More

තේරීම් කාරක සභාව හමුවට ගොස් දන්නා දේ කියනවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා පෙනීසිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත්, එය නිත්‍යානුකූල බව අධිකරණයත් පිළිගෙන තියෙනවා. අපට හංගන්නට දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට යන්නට බයක් නෑ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

Read More

මිතුදමේ සවිය

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. දෙරට මුහුණපා සිටින සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කෙරිණි. ශ්‍රී ලංකාව හා නේපාලය අතර මෙන්ම අග්‍රාමාත්‍යවරු දෙපළ අතර දිගු කලක සිට පැවැතෙන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට ද මෙම සාකච්ඡාව ඉවහල් විය. පසුගිය අප්‍රේල් 21 වැනි දා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව නැවත වතාවක් සිය කණගාටුව පළ කළ නේපාල…

Read More

මංගල තීන්දුවක් ගනී

ඉදිරි පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව තමා දේශපාලනයෙන් සමුගන්නා බව  මංගල සමරවීර ඇමතිවරයා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තම දේශපාලන දිවියට තිස් වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (07) මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. සමහරු කියනව මම  ඊළඟ මහ මැතිවරණයට ඒන්නේ නෑ කියල, මේ ඡන්දයේදී මම අනිවාර්යයෙන් එනවා.  “ඊළඟ මහමැතිවරණය මම ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණයයි, මට අවුරුදු 63යි. තව අවුරුදු 05ක් කලාම හොඳටෝම ඇති බවද ඔහු පැවසීය.

Read More

ළමා විවාහ නැවැත්වීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

ඉස්ලාමීය ළමා විවාහ නීතිය ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. පාසල් දරුවන් විවාහ කරගැනීම රටේ ඇති නිතීය යටතේ වරදක් බවත් උන්වහන්සේ සඳහන් කළේය. විවාහය නිසා ඉස්ලාම් ආගම බලහත්කාරයෙන් වැළඳගැනීමට සිදුවූ අය⁣ට තමා කැමති ආගමක් ඇදහීමේ අයිතිය ද එම පනත් කෙටුම්පතින් ලබාදෙන බවද රතන හිමියන් පෙන්වා දෙයි.

Read More

දයාසිරි තේරීම් කාරක සභාව වර්ජනය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමිණිම ප්‍රතික්ෂේප කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් විභාග වන බැවින් තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි විමසීම අධිකරණ කටයුතු සදහා බාධාවක් විය හැකි බව ජයසේකර මහතා පවසයි. කෙසේවෙතත් මන්ත්‍රීවරයාට වෙනත් දිනයක් ලබාදීමට කමිටුවේ අවධානය යොමුව ඇත.

Read More

ත්‍රස්තවදයට විරුද්ධව ක්‍රියා කරනකොට සිවිල් සමාජයේ නිදහසත් ආරක්ෂා කළ යුතුයි

ත්‍රස්තවදයට විරුද්ධව ක්‍රියා කරනකොට සිවිල් සමාජයේ නිදහසත් ආරක්ෂා කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (21) මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,ත්‍රස්තවදය වැළැක්වීමේ (තාවකලික විධිවිධන ) පනත යටතේ නියෝගය පිළිබඳ විවාදයට එක්වෙමිනි. ත්‍රස්තවදයට විරුද්ධව ක්‍රියා කරනකොට සිවිල් සමාජයේ නිදහසත් ආරක්ෂා කරන්න ඕන. එදා රජය ඒවා කතා කළේ නෑ. පුද්ගල නිදහස ගැන අප කතා කරනවා. ත්‍රස්තවාදයට අනිවාර්යෙන් ම තිත තියන්න ඕන. නමුත් මාධ්‍ය නිදහසත් අප ආරක්ෂා කළ යුතුයි.සාෆි කියලා වෛද්‍යවරයෙක් ගැන ලොකු කතවක් ගියා.වඳ සැත්කම් කර තිබෙනවා කියලා මාධ්‍යවල ගියා. සාෆිගේ දරුවන්ට පාසලට යන්න…

Read More

හිස්බුල්ලාගේ කැම්පස් එක රජයට ගතයුතුයි – නිරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට

Hisbulla Campus

පරීක්ෂණ අවසන් වන තෙක් බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බව අධ්‍යාපන,මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පිළිබඳව සිදු කළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. මේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින නිසා මේ පිළිබඳව විමර්ශනය කළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා,මෙම ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බව සඳහන් කළේය.

Read More