ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගනී

නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද(07) සිදුකිරීමට නියමිතයි. අද පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතය. නාමයෝජනා වෙනුවෙන් විරෝධතා දැක්වීම සදහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව හිමි වෙයි මෙවර ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වු අතර අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

Read More

වර්ජනය නිසා කාර්යාල දුම්රියන් නෑ

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (04) උදේවරුවේ කිසිඳු කාර්යාල දුම්රියක් ධාවනය නොකළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බීමත්ව රාජකාරි කළ සේවකයකුට එරෙහිව දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා විසින් ගත් විනය ක්‍රියාමාර්ගයකට අමාත්‍යාංශ බලධාරීන් විසින් බාධා කිරීම තුළ ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකය

Read More