නුවන් කුලසේකර ජාත්‍යන්තර තරගවලින් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය⁣මේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. 2003 වසරේ එංගලන්තය සමග එක්දින වරම් හිමිකරගත් ඔහු එක්දින තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට වැඩිම කඩුලු  ලැබු වේග පන්දු යවන්නාය.  ඒ තරග 184කදී කඩුලු 199ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් කුලසේකර එක්දින තරගයක් අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ  2017 ජුලි මස සිම්බාබ්වේ සමගය. T20 තරග වල ලංකාව වෙනුවෙන් දෙවනියට වැඩිම කඩුලු ලබාගෙන ඇත්තේද නුවන් කුලසේකරය.

Read More

නුවන්ගේ තැන සුරංගට?

දකුණු අපි‍්‍රකාව සමග හෙට (28) පැවැත්වෙන  තරගය සඳහා වේගපන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබේ. අසනීප තත්ත්වයකින් පසුවීම නිසා  නුවන් ප‍්‍රදීප් හෙට තරගයට සහභාගී නොවන්නේ නම් ඔහුගේ ස්ථානය සුරංග ලක්මාල්ට හිමිවනු ඇති බව වාර්තා වෙයි.

Read More