සහරාන් සමග පුහුණුවූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

අප්‍රෙල් 21 ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු  පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවද අනාවරණය වි තිබේ.

Read More

තව්හිද් ජමාත් කොළඹ සංවිධායකට ඇප

  රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස සැලකෙන මොහොමඩ් ෆවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (15) නියම කළේය. අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කළේය. මෙම නඩුව සැප්තැම්බර් මස 24 වනදා යළි කැඳවීමට නියමිතය

Read More

NTJ පුහුණුව ලබා රට පනින්න හැදූ අයෙක් අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාද් සංවිධානයෙන් පුහුණුව ලැබූ අන්සාර් මොහොමඩ් රිනාස් නම් පුද්ගලයයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නුවරඑළියේ දී ජාතික තවුහිද් ජමාද් සංවිධානය යටතේ ඔහු පුහුණුවලබා ඇතැයි වාර්තා වෙයි. විදෙස් ගත වීමට උත්සාහ දරමින් සිට ඇති සැකකරු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More