බෙන්-කේන්ගෙන් දිවි ඇති තුරා සමාව ඉල්ලයි

ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා ලෙස තේරුණු එංගලන්තයේ  බෙන් ස්ටොක්ස් නවසීලන්ත නායකයාගෙන් සමාව ගෙන ඇත. ඒ ලකුණු රැස්කිරීම සඳහා කඩුලු අතර දිව යන අවස්ථාවකදී නවසීලන්ත පන්දු රකින්නන් කඩුල්ලට යොමුකළ පන්දුවක් බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී 4 සීමාව වෙත යාමේ සිද්ධිය නිසාය. තමා දිවි ඇති තුරා ඒ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව තමා  නවසීලන්ත නායක කේන් විලියම්ස්ට පැවසූ බව ස්ටොක්ස් පවසයි.

Read More

වාසනාව

නවසීලන්තය පරාජයට පත් කරමින් ලෝක කුසලාන අවසන් මහ තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් විය. එංගලන්තය ජයග්‍රහණයකලේ  අවසන් තරගයේදී ඔවුන් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙනි. ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය තම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241ක් රැස් කළහ.  නවසිලන්තය පන්දු ඕවර 50 තුලදී හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් එල්ල කිරීමට සමත් වුහ. ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය  එංගලන්තය…

Read More