ගුරු සිසු තොරතුරු Online ක්‍රමයට

තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. පාසල් පද්ධතිය සක්‍රීය ව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා…

Read More

හතුරුව වහා ඉවත්කරන්න හරීන් දන්වයි?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ධුරය දැරූ චන්දික හතුරුසිංහ මහතා නවසීලන්තය තරගාවලියේ පුහුණුකරු ලෙස තබා නොගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා දන්වා ඇතැයි වාර්තා වෙයි. ඒ බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

Read More

මේ මස අවසානයට පෙර පෙරමුණ හදනවා

අගෝස්තු මාසය අවසන්වීමට පෙර  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිතකිරීම අද (5) දිනට නියමිතව තිබූ නමුත් එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එය කල් යවා තිබුණි.

Read More

ලකීට අනෝමාට රාජ්‍ය ඇමති ධූර

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඉදිරියේ දිව්රුම් දුන්හ. ඔවුන්ගේ නම් පහත පරිදි වේ. ලකී ජයවර්ධන මහතා  නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මිය දිවුරුම් දුන්නාය.

Read More

කාටවත් අධිකරණයට ඇඟිලි ගහන්න ඉඩදෙන්නේ නෑ

අධිකරණයට ඇගිළි ගැසීමට කිසිවකුට ඉඩ ලබා නොදෙන බවත් දිවයින පුරා අධිකරණ තුල ගොඩ ගැසී ඇති 750,000ක් පමණ නඩු වලට විසඳුම් ලබා දෙමින් අසාධාරණයට පත් ජනතාවගේ අසහනය පාලනය කරන්න ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් , අධිකරණ පද්ධතිය ඒ් සඳහා විශාල කැප කිරීමක් සිදු කරන බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුෙකා්රළ මහත්මිය ඊයේ(25) පැවසුවාය. අමාත්‍යවරිය,මේ බව පැවසුෙව් ”2019- ජාතික සමථ දිනය සැමරීම” සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති උළෙලේ ප්‍රධාන ආරාධත අමුත්තා ලෙස එක් වෙමිනි. දිවයින පුරා විසිරී ඇති සමථ මණ්ඩල නිවැරදිව ක්‍රියාත්මක නොවූණි නම් උසාවි වල ගොඩ ගැෙසන මෙම නඩු…

Read More

ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්ට අස්වෙන්නයි ඇමති දන්වයි

ඉදිරියේදි  බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට  තනතුරුවලින් අස්වන ලෙස ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා  දැනුම් දී තිබේ. ඇමතිවරයා ලිපියක් මගින් කි‍්‍රකට් ආයතනයට මේ බවබදැනුම් දී ඇතැයි වාර්තා වෙයි. එක්දින තරග තුනක් සහිත තරගාවලියක් වෙනුවෙන් දින 10ක සංචාරයක් සදහා  බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම  මෙරටට පැමිනෙයි. පළමු තරගය ජුලි 26 පැවැත්විමට නියමිතය.  

Read More

අධ්‍යාපනය සුපරීක්ෂණයට අායතනයක්

මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතම කාර්යයක් වන අතර, මේ සඳහා සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්වීම කාලීන අවශ්‍යතාවක් ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි. ඒ අනුව, අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වනවිට ලැබී තිබේ. මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව(Quality assurance) සහ පිළිගැනීමේ(accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපන සුපරීක්ෂණ සේවාවෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශය…

Read More

මම බිලියන 20ක් රජයට ඉතුරු කරල දුන්නා

”වෛද්‍ය වරුන්ගේ සහ සෞඛ්‍ය වැඩකටයුතු දේශපාලන කෝණයෙන් බලන්න එපා. මේ රටේ පිළිකා ඖෂධ පිළිබඳව තිබුණේ තනිකර ඒකාධිකාරි බලයක්.ඖෂධ සමාගම් මා සමඟ ද්වන්ධ යුද්ධයක ඉන්නවා.” යැයිසෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන චෝදනා කීපයක් මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් ගෙනා සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයේ දී පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ය. කිසිදු මුදලක් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් ගෙවා නැත.මේක රජ්‍ය ආයතනයක්.අපේ බෝර්ඩ් එකක් රන් කරන්නේ.රජයට ගත්තේ නැත්නම් එය රාජ්‍ය ආයතනයක් ලෙස සඳහන් වෙනවාද? මෙහිදී අමාත්‍යවරයා විසින් නෙවිල් ප්‍රනන්දු…

Read More

මිතුදමේ සවිය

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. දෙරට මුහුණපා සිටින සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කෙරිණි. ශ්‍රී ලංකාව හා නේපාලය අතර මෙන්ම අග්‍රාමාත්‍යවරු දෙපළ අතර දිගු කලක සිට පැවැතෙන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට ද මෙම සාකච්ඡාව ඉවහල් විය. පසුගිය අප්‍රේල් 21 වැනි දා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව නැවත වතාවක් සිය කණගාටුව පළ කළ නේපාල…

Read More

ඉන්ධන මිල අඩුවෙයි

ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල අද (ජුලි 10) මධ්‍යම රාති‍්‍රයේ සිට අඩුකර තිබේ. ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩුකර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 136කි. ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇත. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක් ද සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් ද වේ. නමුත් ඔටෝ ඩීසල් මිල මෙවර සංශෝධනය කර නැත එහි මිල රුපියල් 104කි.

Read More