හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් නිදහස් කරන්නේ නෑ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි. යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read More

එක ලඟින්ම

වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එක ලඟින් මේ අසුන්ගෙන සිටින්නේ  බෙල්ලන්විල රාජමහා විහාරයේ ,යතිවර සමරු පහය, ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයේදීය. බෙල්ලන්විල විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් මෙම නව මන්දිරය ඉදි කර තිබේ.  

Read More

මාස 5කින් අලුත් ආණ්ඩුවක්

මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාවතවත් මාස 05කින් හිමි වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සහිත  ආණ්ඩුවක් බලයට පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය   පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තම අපේක්ෂාව කරන බවද ජනාධිපතිවරයා පවසයි.  

Read More

ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

රාජ්‍යයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කර තිබේ. ජුලි 18 අවසන් වීමට නියමිතව තිබු කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 18 දක්වා දිර්ඝ කර ඇත.

Read More

නුවරඑළිය මහ රෝහල සඳුදා ජනතා අයිතියට

Nuwara Eliya New Hospital

අභිනවයෙන් ඉදිකළ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල ජූලි  15 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් ජනතා අයිතියට පත්කරන බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසයි. නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ  ඉදි කළ මෙහි ඇදන් 600 කින් සමන්වීත වාට්ටු සංකිර්ණයක්, නාවින තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහිතව අංග සම්පුර්ණව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 7 ක් පමණ වේ.

Read More

නොගැලපෙන රස්සා තුනකින් අස්වී දේශපාලනයට ආවා

තමා රැකියා 3ක් කළ බවත් ඒවා තමාට නොගැලපුනු නිසා ඉල්ලා අස්වී පූර්ණකාලීන දේශපාලනයට පිවිස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දේශපාලනය තුළ ජනපති තනතුර දක්වා කැපවීමෙන් කටයුතු කළ බවත් ඔහු සඳහන් කරයි.  පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් කීපයක ඉදිකල ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීමේ උත්සවයකදි ජනාධිපතිවරයා මේ බව පැවසීය. කැපවීමෙන් කටයුතු කිරීමෙන් දරුවන්ට හොඳ අනාගතයක් උදාකර ගත හැකි බව ද සිරිසේන මහතා පැවසීය.

Read More

උසස් පෙළට ටැබ් දීම ගැන ජනපතිගෙන් නිවේදනයක්

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More