ජනපතිවරණයට පොහොට්ටුවෙන් ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

Read More

හි⁣ටපු ඇමති 10ක් හා ආණ්ඩුකාරවරයෙක් තවම නිල නිවාසවල?

හිටපු ඇමැතිවරුන් දස දෙනෙකු සහ ආණ්ඩුකාරවරයෙකු තවමත් සිය නිල නිවාස භාර දී නැතැයි වාර්තා වෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මොවුන් අමාත්‍ය ධුරවලින් ඉවත් වීමෙන් පසු  නිල නිවාස භාර දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන්ට දැනුම් දී ඇත.

Read More

එක ලඟින්ම

වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එක ලඟින් මේ අසුන්ගෙන සිටින්නේ  බෙල්ලන්විල රාජමහා විහාරයේ ,යතිවර සමරු පහය, ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයේදීය. බෙල්ලන්විල විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් මෙම නව මන්දිරය ඉදි කර තිබේ.  

Read More

ජනපතිවරණය නොපැවැත්වෙන හේතු මැකෝ හෙළි කරයි

ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම නොවැම්බර් 15 ත් දෙසැම්බර් 7 ත් අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත්පමණක් එය වෙනස්වන බව පැවසූ ඔහු තමාට ආතතිය සෑදී නැති බවත් යම් හෙයකින් එසේ වුවහොත් කම කාර්‍යාල කාමරයේ සෑම ආගමක ආගමික ග්‍රන්ථ ඇති බවත් ඒවා කියවිය හැකි බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයා තම ධූරකාලය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී ප්‍රත්‍යක්ෂ වූ බවද දේශප්‍රිය මහතා කීය.

Read More

යෝෂිත විවාහ ගිවිසගනී

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගෙන තිබේ.  ඔහුගේ අනාගත සහකාරිය වන්නේ නිතීෂා නම් තරුණියකි. යෝෂිතගේ වැඩිමල් සොයුරු නාමල් රාජපක්ෂ ඔවුන් දෙදෙනාට සුභ පතා  සිය ගිණුමේ සටහනක් තබා ඇත.

Read More

යොජිත ගිවිසුම්වලින් ඇමරිකන් හමුදාවට මෙරටදී අසීමිත නිදහසක් හිමි වෙනවා

වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අයපත් බලපෑම් සිදුවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා පවසයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (04) පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය. ගිවිසුම් අත්සන් කිරීම මඟින් මිලියන 2.9 වන ඇමරිකානු හමුදාවට ඕනෑම මොහොතක විසා හා ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව ලංකා භූමියට ඇතුල්විය හැති අතර යුද හමුදා ඇඳුම් වලින් සැරසී ආයුධ සන්නද්ධව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ හැකියාව මෙයින් ඔවුන්ට ලැබෙන…

Read More