වෛද්‍ය ශාෆිට ඇප

බන්ධනාගාර ගතව සිට කුරුණෑගල අධිකරණය වෙත ඉදිරිපත් කළ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ශාෆි ෂෙහාබ්ඩීන් ඇප මත මුදාහැරීමට අධිකරණය අද (25) නියෝග කළේය. කාන්තාවන්ට  වඳ සැත්කම් සිදු කිරීම හා අයතා ලෙස මුදල් හා දේපළ රැස්කිරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ලවී තිබේ

Read More

ෂාෆි යළි රිමාන්ඩ්

අධිකරණය හමුවට ඉදිරිපත් කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ලබන 25 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (11) නියෝග කලේය. අයතා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනාවල බරපතලකම සහ මහජන කැලඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරන⁣ බව මහේස්ත්‍රාත්වරයා පැවසුවේය. මෙම වෛද්‍යවරයා ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Read More