නාගාගේ ඡන්දයත් වෙනත් අයෙකුට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අනුර කුමාර දිසානායක මහතාට සහය දීමට තීරණය කර අැතැයි වාර් තා වෙයි. අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයාය.

Read More

චමල්, වෙල්ගම නාමයෝජනා නෙදෙයි

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා බාර දී තිබේ. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අැප තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම අැතුළු 6 දෙනෙක් නාමයෝජනා බාර දී නොමැත. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා 41 දෙනෙක් අැප තැන්පත් කර සිටි අතර නාමයෝජනා භාරගැනීම අද(07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවිය.

Read More

මඩුගල්ල හා ධර්මසේන යළි තරගබිමට

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට එක්වන විනිසුරු මණ්ඩලය සහ තරග තීරකවරයා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අද (12) ප‍්‍රකාශයට පත්කළේය. ඒ අනුව රන්ජන් මඩුගල්ල අවසන් මහ තරගයේ තරග තීරක ලෙස පත්කර තිබේ. කුමාර් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස පත්කර ඇත. ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ අවසන් මහ තරගයක රන්ජන් මඩුගල්ල තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන සිව්වන අවස්ථාවටයි. ඔහු මීට පෙර 1999, 2003 සහ 2015 යන වසරවල පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගවල තරග තීරකවරයා ලෙස කටයුතු කළා. ඒ අනුව රන්ජන් මඩුගල්ල කි‍්‍රකට් ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් මහ තරග වැඩිම සංඛ්‍යාවක තරග…

Read More

වෙල්ගම බදුල්ලෙන් ඉවතට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක තනතුර සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා පත්කරගෙන තිබේ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනයේ දී පක්ෂයේ බහුතර කැමැත්ත මත තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් තෝරා පත් කෙරිණි.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබිණි.

Read More