සහරාන් සමග පුහුණුවූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

අප්‍රෙල් 21 ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු  පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවද අනාවරණය වි තිබේ.

Read More

සහරාන් සමග පුහුණුව ලැබූ JMI අනුරාධපුර නායකයා අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන තවුහිත් ජමාත් ක්‍රියාකාරික සහ “ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම්” සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොමඩ් ස්මයිල් මොහොම්මද් සල්මාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කහටගස්දිගිලිය සම්පත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අම්පාර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More