හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් නිදහස් කරන්නේ නෑ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි. යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read More

කැනඩාවේ පීල් පොලිස්පතිවූ ලංකාවේ නිශාන්

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ඉතිහාසයේ පළමු වතාවට දකුණු ආසියානුවකුට පොලිස් ප්‍රධානි තනතුරක් පිළිගන්වමින් ශ්‍රී ලාංකිකයකු වන නිශාන් දුරෙයිඅප්පා මහතා පීල් මහනගර සභා පොලිස්පති තනතුරට පත්කරගෙන තිබේ. එමෙන්ම මෙය උතුරු අමෙරිකාවේ ඉහළ පොලිස් තනතුරකට පත්කෙරෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු තැනැත්තා ද වනු ඇති බව එරට වාර්තා පවසයි. යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පාගේ ඥාති පුතෙකු වන නිශාන් වයස අවුරුදු 3දී කැනඩාවේ පදිංචියට ගොස් ඇත. පසුව ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස 1995දි කැනඩා  පොලීසිය බැඳී තිබේ. මීට සිව් වසරකට පමණ පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලාබා ඇති නිශාන්  ඔක්තෝබර් පළමුවනදා සිට පීල් මහනගර සභා…

Read More