ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්ට අස්වෙන්නයි ඇමති දන්වයි

ඉදිරියේදි  බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට  තනතුරුවලින් අස්වන ලෙස ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා  දැනුම් දී තිබේ. ඇමතිවරයා ලිපියක් මගින් කි‍්‍රකට් ආයතනයට මේ බවබදැනුම් දී ඇතැයි වාර්තා වෙයි. එක්දින තරග තුනක් සහිත තරගාවලියක් වෙනුවෙන් දින 10ක සංචාරයක් සදහා  බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම  මෙරටට පැමිනෙයි. පළමු තරගය ජුලි 26 පැවැත්විමට නියමිතය.  

Read More

වාසනාව

නවසීලන්තය පරාජයට පත් කරමින් ලෝක කුසලාන අවසන් මහ තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් විය. එංගලන්තය ජයග්‍රහණයකලේ  අවසන් තරගයේදී ඔවුන් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙනි. ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය තම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241ක් රැස් කළහ.  නවසිලන්තය පන්දු ඕවර 50 තුලදී හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් එල්ල කිරීමට සමත් වුහ. ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය  එංගලන්තය…

Read More

ශ්‍රී ලංකාව අවසන් තරගයත් පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව  අතර ඊයේ (06) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත්විය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු  264 ක් රැස්කලේ කඩුලු 7ක් දැවී ගිය පසුය. ඇන්ජලෝ මැතිව්ස් 113 හා තිරිමාන්න ලකුණු 53ක් ලබාගත්තේය. පිළිතුරු ලෙස ඉන්දීය පිළ ජයග්‍රාහී ලකුණු 265 ලබාගත්තේ කඩුලු  3ක් පමණක් දැවීය.  ඉන්දියාව වෙනුවෙන් රාහුල්  ලකුණු  111හා ෂර්මා ලකුණු  103ක් රැස් කළහ.

Read More

සිංහයන් කොදෙව්වන්ව පරදයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 338 ලබා ගත්තේය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් ලබා ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104ක් රැස්ක⁣ළේය. පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබාගත හැකි වූයේ සිය පන්දු වාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 315ක් පමණි. පූරන් ලකුණු 118ක් ලබාගත්තේය. මාලිංග ශ්‍රී ලංකාව…

Read More

නුවන් ලෝක කුසලානයෙන් ඉවතට

  වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප්  අසනීප තත්ත්වයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සදහා සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය නිවේදනය කරයි. ඒ වෙනුවට කසුන් රාජිත ශී‍්‍ර ලංකා සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව තීරණය කර ඇත. දකුණු අපි‍්‍රකාව සමග ඊයේ (28) වති තරගයටද නුවන් ප්‍රදීප්  සහභාගි වූයේ නැත. බොහෝ විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අනිද්දා පැවැත්වෙන තරගයට කසුන් රාජිත කි‍්‍රඩා කරනු ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව දකුණ අප්‍රිකාවට පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව හා දකුණ අප්‍රිකාව අතර අද (28) පැවති තරගයෙන් දකුණ අප්‍රිකාව කඩුලු 9ක ජයක් වාර්තා කලේය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව  පන්දු වාර 49.3ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 203ක් ලබාගත්තේය. ඊට පිළිතුරු ලෙස දකුණ අප්‍රිකාව කඩුලු එකක් පමණක් දැවී ලකුණු 206ක් ලබා තරග⁣ය ජය ගත්හ. දකුණ අප්‍රිකාව වෙනුවෙන් ප්ලෙසිස් නොදැවී ලකුණු 96ක්ද හෂිම් අම්ලා නොදැවී ලකුණු 80ක්ද ලබාගත්තේය.

Read More

නුවන්ගේ තැන සුරංගට?

දකුණු අපි‍්‍රකාව සමග හෙට (28) පැවැත්වෙන  තරගය සඳහා වේගපන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබේ. අසනීප තත්ත්වයකින් පසුවීම නිසා  නුවන් ප‍්‍රදීප් හෙට තරගයට සහභාගී නොවන්නේ නම් ඔහුගේ ස්ථානය සුරංග ලක්මාල්ට හිමිවනු ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා සත්කාරක එංගලන්ත පිල අතර තරඟය අද (21) ලීඩ්ස් හිදී පැවැත්වේ. තරගාවලියේ ඉදිරියටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගතයුතුය. තමා සහභාගිවූ තරග 5න් 4ක් ජයගෙන සිටින එංගලන්ත පිල ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳීසිටින්නේ ලකුණු 08ක් ලබාගෙනය. එංගලන්තය පරාජයව ඇත්තේ එක් තරඟයක් පමණි. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ හය වන ස්ථානයේ සිටින්නේ එක් තරගයක් ජයගෙන ලකුණු 4ක ලබාගනිමිනි. ශ්‍රී ලංකාව සහභාගීවූ තරග 2ක් වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් වූයේය.

Read More