වෛද්‍ය ශාෆිට ඇප

බන්ධනාගාර ගතව සිට කුරුණෑගල අධිකරණය වෙත ඉදිරිපත් කළ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ශාෆි ෂෙහාබ්ඩීන් ඇප මත මුදාහැරීමට අධිකරණය අද (25) නියෝග කළේය. කාන්තාවන්ට  වඳ සැත්කම් සිදු කිරීම හා අයතා ලෙස මුදල් හා දේපළ රැස්කිරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ලවී තිබේ

Read More

මාස 5කින් අලුත් ආණ්ඩුවක්

මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාවතවත් මාස 05කින් හිමි වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සහිත  ආණ්ඩුවක් බලයට පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය   පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තම අපේක්ෂාව කරන බවද ජනාධිපතිවරයා පවසයි.  

Read More

නුවරඑළිය මහ රෝහල සඳුදා ජනතා අයිතියට

Nuwara Eliya New Hospital

අභිනවයෙන් ඉදිකළ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල ජූලි  15 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් ජනතා අයිතියට පත්කරන බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසයි. නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ  ඉදි කළ මෙහි ඇදන් 600 කින් සමන්වීත වාට්ටු සංකිර්ණයක්, නාවින තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහිතව අංග සම්පුර්ණව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 7 ක් පමණ වේ.

Read More

ෂාෆි යළි රිමාන්ඩ්

අධිකරණය හමුවට ඉදිරිපත් කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ලබන 25 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (11) නියෝග කලේය. අයතා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනාවල බරපතලකම සහ මහජන කැලඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරන⁣ බව මහේස්ත්‍රාත්වරයා පැවසුවේය. මෙම වෛද්‍යවරයා ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Read More

දම් සරණී -දිවයිනේ පළමුවරට පූජ්‍ය පක්ෂයට, දහම් පාසල් ගුරුවරුන්ට විශේෂිත වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක්

පන්නිපිටිය පෞද්ගලික රෝහල යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගයමින් ”දම්සරණී” නමින් විශේෂ කාඞ්පතක් හඳුන්වාදී ඇත. මෙම කාඞ්පත රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් පූජ්‍ය පක්ෂයට සහ දහම් පාසල් ගුරුවරුන්ට සුවිශේෂී වට්ටම් සහිතව ප‍්‍රතිකාර ලැබීම සහ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම ඇතුළු තවත් පහසුකම් රැුසක් හිමිවෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසුවේ පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ට ගෞරවය පුදකිරීම සඳහා ඔවුන් වෙත මෙවැනි වරප‍්‍රසාදයක් පිරිනැමීමට රෝහල තීරණය කළ බවය. ”සමාජයේ යහපත උදෙසා කැපවීමෙන් කටයුතු කරන්නන්ගේ සේවය අද…

Read More

පවුලක් දියෙහි ගිලී පියා සහ දියණියන් මරුට

යාල මුහුදු තීරයේ දිය නාමින් සිටි සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත. ⁣එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකු මෙසේ මියගොස් ඇති අතර දියේ ගිලුණු මවද ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ. නුවරඑළියේ සිට චාරිකාවක පැමිණි පුද්ගලික බැංකුවක සේවක පිරිසක් ⁣මේ සිද්ධියට මුහුණ පා ඇත.

Read More