රට ආනාරක්ෂිතයි, හඳුනාගත් ත්‍රස්තවාදීන් තවමත් නිදැල්ලේ නෑ

පාස්කු ප්‍රහාරයෙන් පසු   හඳුනා ගත් ත්‍රස්ත කටයුතු සදහා සම්බන්ධ පුද්ගලයන් 130ක් පමණ  සිටින බවත් එයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සියයට පනහක් පමණ බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රජය තවමත් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව තැකීමක් නොකරන බවත් ඔහු සඳහන් කරයි. රටේ ආරක්ෂාව පිළිබඳව සිතන පොදුජන පෙරමුණ ගෝඨාභය රජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් කළ බවද පැවසීය.

Read More

මේ මස අවසානයට පෙර පෙරමුණ හදනවා

අගෝස්තු මාසය අවසන්වීමට පෙර  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිතකිරීම අද (5) දිනට නියමිතව තිබූ නමුත් එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එය කල් යවා තිබුණි.

Read More

කිරි පිටි මිල ඉහළට

ආනයනික කිරි පිටි මිළ ඊයේ (01) මධ්‍යම රාත්‍රී සිට ඉහළ දමා ඇත. ඒ අනුව ආනයනික කිරි පිටි කිලෝ එකක මිළ රුපියල් 15කින් ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 5 කින්ද ඉහළ යන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

Read More

මාස 5කින් අලුත් ආණ්ඩුවක්

මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාවතවත් මාස 05කින් හිමි වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සහිත  ආණ්ඩුවක් බලයට පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය   පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තම අපේක්ෂාව කරන බවද ජනාධිපතිවරයා පවසයි.  

Read More

තෙල් – විදුලි ගැටුමෙන් රට යළි අඳුරේ?

නැවතත් දිවයිනේ තැනින් තැන විදුලි විසන්ධි කිරීම් සිදුකිරීමට සිදු විය හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි. ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම සීමා කිරීම හේතුවෙන් තාප බලාගාර වල ජනන කටයුතු සදහා බාධාවක්  ඇතිව තිබීම මෙයට හේතුවයි. වරායේ සිට තෙල් ගෙනයන නල පද්ධතිය අලුත්වැඩියා කටයුතු සදහා විදුලි බල ඇමති රවි කරුණානායක  බධා කිරිම නිසා ⁣ඛනිජතෙල් වෘත්තීය සමිති මේ ක්‍රියාමාර්ගය ගෙන අැත.

Read More