හතුරුව වහා ඉවත්කරන්න හරීන් දන්වයි?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ධුරය දැරූ චන්දික හතුරුසිංහ මහතා නවසීලන්තය තරගාවලියේ පුහුණුකරු ලෙස තබා නොගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා දන්වා ඇතැයි වාර්තා වෙයි. ඒ බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

Read More

ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්ට අස්වෙන්නයි ඇමති දන්වයි

ඉදිරියේදි  බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට  තනතුරුවලින් අස්වන ලෙස ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා  දැනුම් දී තිබේ. ඇමතිවරයා ලිපියක් මගින් කි‍්‍රකට් ආයතනයට මේ බවබදැනුම් දී ඇතැයි වාර්තා වෙයි. එක්දින තරග තුනක් සහිත තරගාවලියක් වෙනුවෙන් දින 10ක සංචාරයක් සදහා  බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම  මෙරටට පැමිනෙයි. පළමු තරගය ජුලි 26 පැවැත්විමට නියමිතය.  

Read More

මීගමුව විපක්ෂ නායක අත්අඩංගුවට

අයුතු ලෙස නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් මීගමුව මහ නගර සභාවේ එජාප මන්ත්‍රී විපක්ෂ නායකය රොයිස් ප්‍රනාන්දු කටාන පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) පස්වරුවේ මීගමුව නගරයෙදි මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අපරාධයට අදාලව මීට පෙර සැකකරුවන් 5කු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව රක්ෂීත බන්ධනාගාර ගතකර සිටින බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් ජයවීර ආරච්චිගේ රොයිස් විජිත ප්‍රනාන්දු නම් සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read More

පූජිත- හේමසිරි සැකකරුවන් කර අධිකරණයට ගේන්න නියෝග

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනා පාස්කු ප්‍රහාරයේ  සැකකරුවන් ලෙස නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ. පාස්කු ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම ඒ පිළිබඳව කරුණු දැන එය වලකාලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී ඇත.

Read More