බෙන්-කේන්ගෙන් දිවි ඇති තුරා සමාව ඉල්ලයි

ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා ලෙස තේරුණු එංගලන්තයේ  බෙන් ස්ටොක්ස් නවසීලන්ත නායකයාගෙන් සමාව ගෙන ඇත. ඒ ලකුණු රැස්කිරීම සඳහා කඩුලු අතර දිව යන අවස්ථාවකදී නවසීලන්ත පන්දු රකින්නන් කඩුල්ලට යොමුකළ පන්දුවක් බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී 4 සීමාව වෙත යාමේ සිද්ධිය නිසාය. තමා දිවි ඇති තුරා ඒ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව තමා  නවසීලන්ත නායක කේන් විලියම්ස්ට පැවසූ බව ස්ටොක්ස් පවසයි.

Read More

ශ්‍රී ලංකාව අවසන් තරගයත් පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව  අතර ඊයේ (06) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත්විය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු  264 ක් රැස්කලේ කඩුලු 7ක් දැවී ගිය පසුය. ඇන්ජලෝ මැතිව්ස් 113 හා තිරිමාන්න ලකුණු 53ක් ලබාගත්තේය. පිළිතුරු ලෙස ඉන්දීය පිළ ජයග්‍රාහී ලකුණු 265 ලබාගත්තේ කඩුලු  3ක් පමණක් දැවීය.  ඉන්දියාව වෙනුවෙන් රාහුල්  ලකුණු  111හා ෂර්මා ලකුණු  103ක් රැස් කළහ.

Read More

ලෝක කුසලාන වාර්තා රැසක් සමගින් අෆ්රිඩි පකිස්තානයට ජය ගෙන එයි

බංග්ලාදේශය සමග ඊයේ පැවැති තරගයෙන් ලකුණු 94ක ජයක් අත් කර ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත්විය.  කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 අවසන කඩුළු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළේය. ඉමාම් උල්හක් ලකුණු 100 හා බාබර් අසාම් ලකුණු 96ක් රැස් කළහ. පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහමන් ලකුණු 75කට කඩුළු 05ක් දවා ගත්තේය. පිළිතුරු ලෙස බංග්ලාදේශය පන්දුවාර 44 යි එක් පන්දුවකදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221ක් පමණි. ශකීබ් අල් හසන් ලකුණු 64ක් රැස් කළේය. පන්දු යැවීමේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ යොවුන් කී‍්‍රඩක ශහීන් ෂා අෆ්රිඩි ලකුණු…

Read More

සිංහයන් කොදෙව්වන්ව පරදයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 338 ලබා ගත්තේය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් ලබා ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104ක් රැස්ක⁣ළේය. පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබාගත හැකි වූයේ සිය පන්දු වාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 315ක් පමණි. පූරන් ලකුණු 118ක් ලබාගත්තේය. මාලිංග ශ්‍රී ලංකාව…

Read More