ගුරු සිසු තොරතුරු Online ක්‍රමයට

තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. පාසල් පද්ධතිය සක්‍රීය ව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා…

Read More

A/L විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වෙයි. විභාගය අගොස්තු 31 දක්වා  පැවැත්වීමට නියමිතය. විභාගය අද පෙ:ව:8:30 ට ඇරඹෙයි. නියමිත වේලාවට මිනිත්තු 30කට පෙර පැමිණෙන ලෙස, සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි අපේක්ෂකයින් 337,704 දෙනෙකු මධ්‍යස්ථාන 2,678කදී මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටියි. ඔවුන්ගෙන් 198,229 දෙනෙකු මෙවර පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ය. පෞද්ගලික අයදුම්කරුවන් ගණන 74,789කි

Read More

5 ශිෂ්‍යත්වය 4 දා – උසස් පෙළ විභාගය 5 ඇරඹෙයි

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත. උසස් පෙළ විභාගය සඳහා මෙවර නව විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක් ද පෙනී සිටියි. ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් වන අතර මධ්‍යස්ථාන 2,678ක මෙවර උසස් පෙළ විභාගය පැවැත්වේ.  එමෙන් ම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2019 අගෝස්තු මස 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, සිංහල මාධ්‍යයෙන් සිසුන් 255,529ක් ද, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,840ක් ද මෙවර විභාගය…

Read More

අධ්‍යාපනය සුපරීක්ෂණයට අායතනයක්

මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතම කාර්යයක් වන අතර, මේ සඳහා සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්වීම කාලීන අවශ්‍යතාවක් ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි. ඒ අනුව, අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වනවිට ලැබී තිබේ. මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව(Quality assurance) සහ පිළිගැනීමේ(accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපන සුපරීක්ෂණ සේවාවෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශය…

Read More

අකිල කොමිසමට

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අද (01) බරපතල වංචා දූෂණ විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේය පාසල් පෙළ පොත් මුද්‍රණයේදී ඇමතිවරයාගේ ඡායාරූපය යොදා මුද්‍රණය කිරීමෙන් රජයට මූල්‍ය පාඩුවක් වී ඇතිබවට කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය මේ සම්බන්ධයෙන් මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බි. ඉලංගසිංහ ද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබුණි

Read More

උසස් පෙළට ටැබ් දීම ගැන ජනපතිගෙන් නිවේදනයක්

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

පෙළ පොත්වලට තමාගේ රුව ඇතුළත් කිරීම නිසා කිසිම පාඩුවක් රජයට සිදු වී නෑ

පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අධ්‍යපන අමාත්‍යවරයා ලෙස තමාගේ රුව ඇතුළත් කිරීම හේතුවෙන් කිසිදු මූල්‍යයමය පාඩුවක් රජයට සිදු වී නැතැයි ද මීට පෙර වසර වලදී අධ්‍යාපන ඇමතිවරුන්ද තාමන්ගේ රුව පෙළපොත් වලට ඇතුළත් කර තිබූ නිසා තමාද එම ක්‍රියාව අනුගමනය කර බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. පෙළ පොත් සම්පාදනය කිරීමේදී විධිමත් ක්‍රියාවලියක් යටතේ රජයට වාසි වන පරිදි අවම මිල ගණන් ඔස්සේ එම කාර්යය සිදු කරන බව මේ අවස්ථාවට එක් වූ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන නියෝජ්‍ය කොමසාරිස් පද්මිණී නාලිකා මහත්මිය පැවසුවාය.

Read More