නාගාගේ ඡන්දයත් වෙනත් අයෙකුට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අනුර කුමාර දිසානායක මහතාට සහය දීමට තීරණය කර අැතැයි වාර් තා වෙයි. අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයාය.

Read More

SB, ඩිලාන් පොහොට්ටුවට

එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇත.එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතින්, ඔවුහු පක්ෂ  සාමාජිකත්වය ලබා ගත් බව වාර්තා වෙයි.

Read More

දුමින්ද කොමිසමට

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල මිලියන 21ක් වැනි අධික මිලට කූලියට ලබා ගැනිම සම්බන්ධ පැමිණිල්ල සඳහා හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇත. තවද අදාල ගොඩනැඟිල්ල පිහිටි ඉඩමට කොළඹ දිසා අධිකරණයේ බෙදුම් නඩුවක් පවතින බැවින් මෙසේ බදු දීමට නීතිමය හැකියාවක් නොමැති බවට  අතුරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දර්ශන සුරේන් මහතා ද අද දිනයේ කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

Read More

අගමැති ලේකම් ජනපති කොමිසමට

2015 සිට රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අද (27) පෙනී සිටියේය. කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන මෙම මතභේදාත්මක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සිදු කරන විමර්ශන සඳහා කරුණු විමසීමට මෙලෙස අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා කැඳවා තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය බදු ගිවිසුමක් මත මේ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන අතර ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ  බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය. ඒ අනුව අදාළ කැබිනට් පත‍්‍රිකාවේ ඇතුළත් කරුණු හා ඊට අදාළ ලිපිගොනුව ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත්…

Read More

හි⁣ටපු ඇමති 10ක් හා ආණ්ඩුකාරවරයෙක් තවම නිල නිවාසවල?

හිටපු ඇමැතිවරුන් දස දෙනෙකු සහ ආණ්ඩුකාරවරයෙකු තවමත් සිය නිල නිවාස භාර දී නැතැයි වාර්තා වෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මොවුන් අමාත්‍ය ධුරවලින් ඉවත් වීමෙන් පසු  නිල නිවාස භාර දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන්ට දැනුම් දී ඇත.

Read More