ආයතන 8ක් කෝප් කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරි සති 03 තුළදී රාජ්‍ය ආයතන 08ක් එහි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා කාරක සභාව හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා සතොස ආයතනය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කමිටුව හමුවට කැඳවා ඇත. අගෝස්තු 23 දින විදුලි බල මණ්ඩලයේ ප්‍රගතිය විමසා බැලේ. සැප්තැම්බර් 3 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාව හමුවට කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටි. මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහජන බැංකුව මෙන් ම පරමාණු බලශක්ති…

Read More

රනිල් තේරීම් කාරක සභාව හමුවට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (06)  සාක්ෂිදීමට නියමිතය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා අමාත්‍ය සාගල රත්නායක, ඇමති රංජිත් මද්දුමබණ්ඩාර අද දිනයේ සාක්ෂි ලබා දුන්නේය.

Read More

රන්ජන්ගේ ප්‍රකාශය ගැන හොයන්න අගමැතිගෙන් කමිටුවක්

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂණය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ය. රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත්…

Read More

තේරීම් කාරක සභාව හමුවට ගොස් දන්නා දේ කියනවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා පෙනීසිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත්, එය නිත්‍යානුකූල බව අධිකරණයත් පිළිගෙන තියෙනවා. අපට හංගන්නට දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට යන්නට බයක් නෑ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

Read More

දයාසිරි තේරීම් කාරක සභාව වර්ජනය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමිණිම ප්‍රතික්ෂේප කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් විභාග වන බැවින් තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි විමසීම අධිකරණ කටයුතු සදහා බාධාවක් විය හැකි බව ජයසේකර මහතා පවසයි. කෙසේවෙතත් මන්ත්‍රීවරයාට වෙනත් දිනයක් ලබාදීමට කමිටුවේ අවධානය යොමුව ඇත.

Read More