ආයතන 8ක් කෝප් කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරි සති 03 තුළදී රාජ්‍ය ආයතන 08ක් එහි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා කාරක සභාව හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා සතොස ආයතනය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කමිටුව හමුවට කැඳවා ඇත. අගෝස්තු 23 දින විදුලි බල මණ්ඩලයේ ප්‍රගතිය විමසා බැලේ. සැප්තැම්බර් 3 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාව හමුවට කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටි. මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහජන බැංකුව මෙන් ම පරමාණු බලශක්ති…

Read More

රට ආනාරක්ෂිතයි, හඳුනාගත් ත්‍රස්තවාදීන් තවමත් නිදැල්ලේ නෑ

පාස්කු ප්‍රහාරයෙන් පසු   හඳුනා ගත් ත්‍රස්ත කටයුතු සදහා සම්බන්ධ පුද්ගලයන් 130ක් පමණ  සිටින බවත් එයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සියයට පනහක් පමණ බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රජය තවමත් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව තැකීමක් නොකරන බවත් ඔහු සඳහන් කරයි. රටේ ආරක්ෂාව පිළිබඳව සිතන පොදුජන පෙරමුණ ගෝඨාභය රජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් කළ බවද පැවසීය.

Read More

ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු:2 කින්, 95 රු:4 කින් සහ සුපිරි ඩීසල් රු:3 කින් මිල ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව නව ඉන්ධන මිල ගණන්:⁣පෙට්‍රල් (92)-රු:138, (95)-රු:163, සුපිරි ඩීසල්-රු:134ක් වේ. රු:104ක්ව පැවති ඔටෝ ඩීසල් මිල වෙනස් නොවේ.

Read More

ජනපතිවරණයට පොහොට්ටුවෙන් ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

Read More

කෙරවලපිටියට කුණු දැමීම අත්හිටුවයි

වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ (05) සිට නැවැත්වීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත. මෙම කසළ අංගනය කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව ආරම්භ කලද මේවන විටත් වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන ගොස් ඇති බව එම අමාත්‍යාංශය දන්වයි. ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා යාම නිසා අංගනයට කසළ බැහැර කිරීම නැවැත්වීමට පියවර ගෙන ඇත.

Read More

හතුරුසිංහ ඉවතට?

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව ඉදිරි පැය 24 තුළ අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි ආරංචි මර්ග පවසයි.

Read More

කැනඩාවේ පීල් පොලිස්පතිවූ ලංකාවේ නිශාන්

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ඉතිහාසයේ පළමු වතාවට දකුණු ආසියානුවකුට පොලිස් ප්‍රධානි තනතුරක් පිළිගන්වමින් ශ්‍රී ලාංකිකයකු වන නිශාන් දුරෙයිඅප්පා මහතා පීල් මහනගර සභා පොලිස්පති තනතුරට පත්කරගෙන තිබේ. එමෙන්ම මෙය උතුරු අමෙරිකාවේ ඉහළ පොලිස් තනතුරකට පත්කෙරෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු තැනැත්තා ද වනු ඇති බව එරට වාර්තා පවසයි. යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පාගේ ඥාති පුතෙකු වන නිශාන් වයස අවුරුදු 3දී කැනඩාවේ පදිංචියට ගොස් ඇත. පසුව ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස 1995දි කැනඩා  පොලීසිය බැඳී තිබේ. මීට සිව් වසරකට පමණ පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලාබා ඇති නිශාන්  ඔක්තෝබර් පළමුවනදා සිට පීල් මහනගර සභා…

Read More

මේ මස අවසානයට පෙර පෙරමුණ හදනවා

අගෝස්තු මාසය අවසන්වීමට පෙර  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිතකිරීම අද (5) දිනට නියමිතව තිබූ නමුත් එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එය කල් යවා තිබුණි.

Read More

කාටවත් අධිකරණයට ඇඟිලි ගහන්න ඉඩදෙන්නේ නෑ

අධිකරණයට ඇගිළි ගැසීමට කිසිවකුට ඉඩ ලබා නොදෙන බවත් දිවයින පුරා අධිකරණ තුල ගොඩ ගැසී ඇති 750,000ක් පමණ නඩු වලට විසඳුම් ලබා දෙමින් අසාධාරණයට පත් ජනතාවගේ අසහනය පාලනය කරන්න ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් , අධිකරණ පද්ධතිය ඒ් සඳහා විශාල කැප කිරීමක් සිදු කරන බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුෙකා්රළ මහත්මිය ඊයේ(25) පැවසුවාය. අමාත්‍යවරිය,මේ බව පැවසුෙව් ”2019- ජාතික සමථ දිනය සැමරීම” සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති උළෙලේ ප්‍රධාන ආරාධත අමුත්තා ලෙස එක් වෙමිනි. දිවයින පුරා විසිරී ඇති සමථ මණ්ඩල නිවැරදිව ක්‍රියාත්මක නොවූණි නම් උසාවි වල ගොඩ ගැෙසන මෙම නඩු…

Read More

ඕරම් දන්ත වෛද්‍ය පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහගු කාර්‍යක නිරතවන ඕරම් පුද්ගලික සමාගම දන්ත වෛද්‍යවරුන් වෙනුවෙන් සංවිධානය කළ Basic and Intermediate Implant Training දන්ත වෛද්‍ය පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝසවය ඊයේ (22) පැවැත්වුණි. පාඨමාලාය සාර්ථකව නිම කළ දන්ත වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් 19කට මෙහිදී සහතිකපත් පදානය කෙරුණි.

Read More