ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු:2 කින්, 95 රු:4 කින් සහ සුපිරි ඩීසල් රු:3 කින් මිල ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව නව ඉන්ධන මිල ගණන්:⁣පෙට්‍රල් (92)-රු:138, (95)-රු:163, සුපිරි ඩීසල්-රු:134ක් වේ. රු:104ක්ව පැවති ඔටෝ ඩීසල් මිල වෙනස් නොවේ.

Read More

A/L විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වෙයි. විභාගය අගොස්තු 31 දක්වා  පැවැත්වීමට නියමිතය. විභාගය අද පෙ:ව:8:30 ට ඇරඹෙයි. නියමිත වේලාවට මිනිත්තු 30කට පෙර පැමිණෙන ලෙස, සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි අපේක්ෂකයින් 337,704 දෙනෙකු මධ්‍යස්ථාන 2,678කදී මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටියි. ඔවුන්ගෙන් 198,229 දෙනෙකු මෙවර පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ය. පෞද්ගලික අයදුම්කරුවන් ගණන 74,789කි

Read More

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි. පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බව පවසන ඒ මහතා ඒ අනුව එළඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද කියා සිටී. එය උතුරු පළාත මුල් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් වනු ඇති බවද අමාත්‍ය…

Read More