රනිල් තේරීම් කාරක සභාව හමුවට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද (06)  සාක්ෂිදීමට නියමිතය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා අමාත්‍ය සාගල රත්නායක, ඇමති රංජිත් මද්දුමබණ්ඩාර අද දිනයේ සාක්ෂි ලබා දුන්නේය.

Read More

සහරාන් සමග පුහුණුවූ තිදෙනෙක් අත්අඩංගුවට

තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නැමති  සමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලබා ඇති බව පොලීසිය පවසයි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහීඩ්, මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් සහ මෙහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන අයයි. ඔවුන් ගෙලිඔය සහ මානවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙහොමදු තාහීර් හිදයතුල්ලා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන බවද පොලීසිය සඳහන් කළේ ය.

Read More

යුද හමුදාපති දෙවැනි වරටත් කාරක සභාව හමුවට

අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබා දීම සඳහායුද හමුදාපති මහේෂ් සේනානයක මහතා  පැමිණ ඇත. යුධ හමුදාපතිවරයා කාරක සභාව හමුවේසාක්ෂි ලබාදෙන දෙවෙනි වතාව මෙය වන අතර  හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද අද කාරක සභාව හුමවේ පෙනී සිටීමට නියමිතය.  

Read More

පාස්කු ප්‍රහාරයට තෙමසයි කටුවාපිටිය යළි විවෘතයි

අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මාස තුනකට පසුව අද යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරිණ. දහසකට අධික බැතුමතුන් පිරිසක් අද පෙරවරුවේ දේව මෛහෙයට එක්ව සිටි අතර දේවස්ථානය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබිණ. ප්‍රහාරයෙන් තෙමසකට පසු යළිත් දේවස්ථානය බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරුණු අද, දේවස්ථානයේ මුල්පෙළ අසුන් ප්‍රහාරයෙන් තවමත් තුවාල ලබා සිටින පිරිස් වෙනුවෙන් වෙන් කර තිබීම ද විශේෂත්වයකි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ උදෑසන දේව මෙහෙය පෙරවරු 8.30 ට පමණ ආරම්භ විය. ප්‍රතිසංස්කරණය කරන…

Read More

සහරාන් සමග අවි පුහුණුව ලැබූ අයෙක් මහරගමින් අල්ලයි

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් සමග නුවර එළිය බ්ලැක්පූල් ප්‍රදේශයේදි පුහුණුව ලැබූ තවත් අයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි මොහොමඩ තාජුඩීන් ආෂිෆ් නැමති පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මීට දින 3කට පෙර එහි සේවයට පැමිණි අයෙකි. 20 හැවිරිදි මෙම සැකකරු දිප්පිටිය අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

අස්වූ මුස්ලිම් ඇමතිවරු යළි ඇමැතිකම් වලට

ඇමැතිධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි එම අමාත්‍ය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මේ බව සඳහන් කළේය. පාස්කු ප්‍රහාරයත් සමග ඇමති රිෂාඩ් බදුර්දීන්ට එල්ලවු චෝදනා හමුවේ ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමතිවරු ජුනි 03 සිය තනතුරවලින් ඉල්ලා අස්විය. නමුත් පසුව කබීර් හෂිම් සහ එම්. එච්. එම්. හලීම් යළි ඇමති තනතුරු ලබාගත්තේය.

Read More

රිෂාඩ් නිදහස්

මෙතෙක් සිදුකල විමර්ශන අනුව පාස්කු ප්‍රහාරයට හෝ කිසිදු ත්‍රස්ත කටයුත්තකට හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධ නැතැයි වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දැනුම් දී අැත. ඒ පිළිබදව ලිපියක් මගින් වික්‍රමරත්න මහතා දනුම්දුන් බව තේරීම් කාරක සභා සභාපතිවරයා ඊයේ (28) එම සභාවට දැනුම් දුන්නේය. පොලිස් මූලස්ථානයේ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මෙම විමර්ශන සිදු කලේය

Read More

තඹ කම්හලේ අබ්දුල්ලා යළි රිමාන්ඩ්

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවයේ නියුතුව සිටි රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නමැති සේවකයා ජූලි 08 දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More