සහරාන් සමග පුහුණුවූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

අප්‍රෙල් 21 ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු  පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවද අනාවරණය වි තිබේ.

Read More

සහරාන් සමග පුහුණුවූ තිදෙනෙක් අත්අඩංගුවට

තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නැමති  සමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලබා ඇති බව පොලීසිය පවසයි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහීඩ්, මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් සහ මෙහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන අයයි. ඔවුන් ගෙලිඔය සහ මානවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙහොමදු තාහීර් හිදයතුල්ලා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන බවද පොලීසිය සඳහන් කළේ ය.

Read More

සහරාන් සමග පුහුණුව ලැබූ JMI අනුරාධපුර නායකයා අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන තවුහිත් ජමාත් ක්‍රියාකාරික සහ “ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම්” සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොමඩ් ස්මයිල් මොහොම්මද් සල්මාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කහටගස්දිගිලිය සම්පත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අම්පාර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වෑන් රථයට පාට් දැමූ ජීප් රථ සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ -නුවර පාරේ කලගෙඩිහේන දී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට පහර දුන් ඩිෆෙන්ඩර් රථය මහරගම ප්‍රදේශයේ නිවසකදි පොලිස් බාරයට ගෙන ඇත. WP CAD 8850 ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සහ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව ඇත. ඔවුන් මතුගම හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 45 සහ 32 වියෙහි පසුවන්නන්ය. ඊයේ (18) සුදු පැහැති ප්‍රාඩෝ ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කළ බව වෑන් රථයේ රියදුරු පැවසීය. WP CAG 0550 දරණ ප්‍රාඩෝ ජිප් රථය අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන්…

Read More

සහරාන් සමග අවි පුහුණුව ලැබූ අයෙක් මහරගමින් අල්ලයි

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් සමග නුවර එළිය බ්ලැක්පූල් ප්‍රදේශයේදි පුහුණුව ලැබූ තවත් අයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි මොහොමඩ තාජුඩීන් ආෂිෆ් නැමති පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මීට දින 3කට පෙර එහි සේවයට පැමිණි අයෙකි. 20 හැවිරිදි මෙම සැකකරු දිප්පිටිය අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

හෙරොයින් ගෙනා විදෙස් බෝට්ටුව අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ ගාලු වරායට ආසන්නව යාත්‍රාකරමින් තිබූ විදෙස් බෝට්ටුවක තිබී හෙරොයින්  කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද(12) නාවික හමුදා නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පාකිස්ථානුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 2.085ක් සමග පුද්ගලයෙක්  කොල්ලුපිටියේ දි අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අත්අඩංගුවට පත්වු මොහු පකිස්ථාන් ජාතිකයෙකි

Read More

සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් අයෙක් අත්අඩංගුවට

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්, ප්‍රශ්න කිරීම සඳහා මොහොම්මදු මුක්තාර් ආසික් රසාක් නැමති පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දවුලගල පාර, එළුගොඩ,හේන්දෙණිය , පේරාදෙණිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 29 ක් වු මොහු  සහරාන් සමඟ මහනුවර අරුප්පල ප්‍රදේශයේ දී පුහුණු කඳවුරේ දී පුහුණු වීම් ලබා ඇති බව ද අනාවරණය වී තිබේ. ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්, ප්‍රශ්න කිරීම සඳහා අද (09) දිනයේ දී මොහුගේ නිවසේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පතොරම් සමග තිදෙනෙක් අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව ජූලි 06 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී පතරොම් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත. ඒ අනුව, උතුරු මැද සහ වයඹ නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක් පිටුපස ඉඩමෙහි වළ දමා තිබූ මිමි 7.62 x 39 ප්‍රමාණයේ පතරොම් 14 ක් සොයාගෙන ඇති අතර, එහිදී එම නිවසේ පදිංචි කරුවන් වන වයස අවුරුදු 71, 62 සහ 29 වියෙහි පසුවන පුද්ගලයින් තිදෙනෙකු (03) ද ඒ…

Read More

මීගමුව විපක්ෂ නායක අත්අඩංගුවට

අයුතු ලෙස නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් මීගමුව මහ නගර සභාවේ එජාප මන්ත්‍රී විපක්ෂ නායකය රොයිස් ප්‍රනාන්දු කටාන පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) පස්වරුවේ මීගමුව නගරයෙදි මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අපරාධයට අදාලව මීට පෙර සැකකරුවන් 5කු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව රක්ෂීත බන්ධනාගාර ගතකර සිටින බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් ජයවීර ආරච්චිගේ රොයිස් විජිත ප්‍රනාන්දු නම් සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read More