හමුදා කඳවුරු සඳහා අත්‍යවශ්‍ය ඉඩම් නිදහස් කරන්නේ නෑ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදළ අංශවලට උපදෙස් දෙයි. යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Read More

යුද හමුදාපති දෙවැනි වරටත් කාරක සභාව හමුවට

අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබා දීම සඳහායුද හමුදාපති මහේෂ් සේනානයක මහතා  පැමිණ ඇත. යුධ හමුදාපතිවරයා කාරක සභාව හමුවේසාක්ෂි ලබාදෙන දෙවෙනි වතාව මෙය වන අතර  හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද අද කාරක සභාව හුමවේ පෙනී සිටීමට නියමිතය.  

Read More

යොජිත ගිවිසුම්වලින් ඇමරිකන් හමුදාවට මෙරටදී අසීමිත නිදහසක් හිමි වෙනවා

වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අයපත් බලපෑම් සිදුවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා පවසයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (04) පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය. ගිවිසුම් අත්සන් කිරීම මඟින් මිලියන 2.9 වන ඇමරිකානු හමුදාවට ඕනෑම මොහොතක විසා හා ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව ලංකා භූමියට ඇතුල්විය හැති අතර යුද හමුදා ඇඳුම් වලින් සැරසී ආයුධ සන්නද්ධව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ හැකියාව මෙයින් ඔවුන්ට ලැබෙන…

Read More

යාල්දේවිය හමුදාවේ 5ක් බිලිගනී

යුද හමුදා ට්‍රක් රථයක් අද(25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුධ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යුධහමුදාව පවසයි. 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී කොළඹ සිට යාපනය බලා ධාවනය වු යාල් දේවී දුම්රියේ ගැටී ඇති බවයි.අනතුරෙන් යුධ හමුදාවේ තිදෙනෙකු තුවාල ලබා ඇත.

Read More