ගුරු සිසු තොරතුරු Online ක්‍රමයට

තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. පාසල් පද්ධතිය සක්‍රීය ව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා…

Read More

අධ්‍යාපනය සුපරීක්ෂණයට අායතනයක්

මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතම කාර්යයක් වන අතර, මේ සඳහා සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්වීම කාලීන අවශ්‍යතාවක් ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි. ඒ අනුව, අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වනවිට ලැබී තිබේ. මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව(Quality assurance) සහ පිළිගැනීමේ(accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. අධ්‍යාපන සුපරීක්ෂණ සේවාවෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිර්දේශය…

Read More

මිනිස්කම් හඳුනන දරුවන් සෑදීම අද අභියෝගයක්

රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘත්‍රිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින,මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සළසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත්, බුදුදහම හරහා ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90 වැනි සංවත්සර සමරුවට සමගාමී ව කෝටි හතක මූල්‍ය ආයෝජනයෙන් ඉදිකෙරෙන බහුකාර්ය තාක්ෂණික ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මේ විද්‍යායතනය එදා පොල් අතු සෙවිලි කළ, ඉතා නොදියුණු මට්ටමේ…

Read More

අකිල කොමිසමට

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අද (01) බරපතල වංචා දූෂණ විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේය පාසල් පෙළ පොත් මුද්‍රණයේදී ඇමතිවරයාගේ ඡායාරූපය යොදා මුද්‍රණය කිරීමෙන් රජයට මූල්‍ය පාඩුවක් වී ඇතිබවට කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය මේ සම්බන්ධයෙන් මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බි. ඉලංගසිංහ ද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබුණි

Read More

උසස් පෙළට ටැබ් දීම ගැන ජනපතිගෙන් නිවේදනයක්

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

පෙළ පොත්වලට තමාගේ රුව ඇතුළත් කිරීම නිසා කිසිම පාඩුවක් රජයට සිදු වී නෑ

පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අධ්‍යපන අමාත්‍යවරයා ලෙස තමාගේ රුව ඇතුළත් කිරීම හේතුවෙන් කිසිදු මූල්‍යයමය පාඩුවක් රජයට සිදු වී නැතැයි ද මීට පෙර වසර වලදී අධ්‍යාපන ඇමතිවරුන්ද තාමන්ගේ රුව පෙළපොත් වලට ඇතුළත් කර තිබූ නිසා තමාද එම ක්‍රියාව අනුගමනය කර බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. පෙළ පොත් සම්පාදනය කිරීමේදී විධිමත් ක්‍රියාවලියක් යටතේ රජයට වාසි වන පරිදි අවම මිල ගණන් ඔස්සේ එම කාර්යය සිදු කරන බව මේ අවස්ථාවට එක් වූ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන නියෝජ්‍ය කොමසාරිස් පද්මිණී නාලිකා මහත්මිය පැවසුවාය.

Read More