නුවරඑළියට කේබල් කාර්

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයත්, උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීමත්, සුන්දර පරිසරයකට හිමිකම් කීමත් යන කාරණා හේතුකොට ගනිමින් නුවරඑළිය ප්‍රදේශය මේ සදහා තෝරාගෙන ඇත. ඒ අනූව ඇමරිකානු ඩොලර් මිලියන 50ක…

Read More

එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි 40 වැනි සංවත්සරය සමරමින් ගුවන් ගමන් සේවාවක් අරඹයි

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි ව්‍යාපාර සමූහය සිය 40 වැනි සංවත්සරය බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය . එහිදී පැමිණ සිටි අති විශාල ආරාධිතයන් පිරිසක් හමුවේ සමාගම විසින් නිවේදනය කරසිටියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සිය වයාපාර කටයුතු තවදුරටත් පුළුල් කරමින් මෙතැන් සිට තමන් Edward & Christie Aviation නමින් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක්ද ආරම්භ කරන බවය එඞ්වර්ඞ් සහ ක්රිස්ටි සමූහය සමග දීර්ඝ කාලයක් පුරා රැඳී සිටින සේවක මහත්ම මහත්මීන් වෙත ඇගැයුම් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුවිය. චරිතා ඇරව්වල (අධ්‍යක්ෂිකා), සරත් මුණසිංහ (අධ්‍යක්ෂ- ඉදිකිරීම්),…

Read More