අවිශ්ක මැතිව්ස් මාලිංග ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ. අවිශ්ක මේ වන විට එම සටහනේ 85වන ස්ථානයේ පසු වෙයි. ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව මැතිව්ස් එම සටහනේ පසුවන්නේ 34 වන ස්ථානයේයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ලසිත් මාලිංග එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණ තිබේ.  ඒ අනුව මාලිංගට හිමිව ඇත්තේ 33වන ස්ථානයයි.

Read More

ශ්‍රී ලංකාව අවසන් තරගයත් පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව  අතර ඊයේ (06) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත්විය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු  264 ක් රැස්කලේ කඩුලු 7ක් දැවී ගිය පසුය. ඇන්ජලෝ මැතිව්ස් 113 හා තිරිමාන්න ලකුණු 53ක් ලබාගත්තේය. පිළිතුරු ලෙස ඉන්දීය පිළ ජයග්‍රාහී ලකුණු 265 ලබාගත්තේ කඩුලු  3ක් පමණක් දැවීය.  ඉන්දියාව වෙනුවෙන් රාහුල්  ලකුණු  111හා ෂර්මා ලකුණු  103ක් රැස් කළහ.

Read More

ලෝක කුසලාන වාර්තා රැසක් සමගින් අෆ්රිඩි පකිස්තානයට ජය ගෙන එයි

බංග්ලාදේශය සමග ඊයේ පැවැති තරගයෙන් ලකුණු 94ක ජයක් අත් කර ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත්විය.  කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 අවසන කඩුළු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළේය. ඉමාම් උල්හක් ලකුණු 100 හා බාබර් අසාම් ලකුණු 96ක් රැස් කළහ. පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහමන් ලකුණු 75කට කඩුළු 05ක් දවා ගත්තේය. පිළිතුරු ලෙස බංග්ලාදේශය පන්දුවාර 44 යි එක් පන්දුවකදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221ක් පමණි. ශකීබ් අල් හසන් ලකුණු 64ක් රැස් කළේය. පන්දු යැවීමේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ යොවුන් කී‍්‍රඩක ශහීන් ෂා අෆ්රිඩි ලකුණු…

Read More

නුවරඑළියට කේබල් කාර්

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයත්, උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීමත්, සුන්දර පරිසරයකට හිමිකම් කීමත් යන කාරණා හේතුකොට ගනිමින් නුවරඑළිය ප්‍රදේශය මේ සදහා තෝරාගෙන ඇත. ඒ අනූව ඇමරිකානු ඩොලර් මිලියන 50ක…

Read More

ඉන්දියාව අර්ධ අවසන් පුර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී

ඉන්දියාව හා බංග්ලාදේශයට අතර ඊයේ පැවති ලෝක කුසලාන එක්දින තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය ස්ථීර කර ගැනීමට සමත් විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 13 ක් ලබා ඇති ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. මෙම තරගයේ පරාජයත් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අතහැර ගැනීමට බංග්ලාදේශයට සිදුවිය. ඉන්දියාව – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 314 (රෝහිත් ශර්මා 104, ලොකේෂ් රාහුල් 77, විරාට් කෝලි 26, රිෂාබ් පාන්ට් 48, මහේන්ද්‍ර සිං දෝනි 35, මුස්තෆිසුර් රොහෙමාන්…

Read More

සිංහයන් කොදෙව්වන්ව පරදයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 338 ලබා ගත්තේය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් ලබා ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104ක් රැස්ක⁣ළේය. පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබාගත හැකි වූයේ සිය පන්දු වාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 315ක් පමණි. පූරන් ලකුණු 118ක් ලබාගත්තේය. මාලිංග ශ්‍රී ලංකාව…

Read More

සනත්ට 50යි

ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කථාවේ සුපිරි ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය අද (ජුනි 30) සිය දිවියේ අර්ධ ශතකය සනිටුහන් කලේය.   1969 ජුනි 30 මාතර දි උපන් සනත් ටෙරාන් ජයසූරිය 1989 සිට 2011 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට්  පිල නියෝජනය කලේය.   2010 අප්‍රේල් සිට 2015 ජුනි දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු පාළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති ලෙසත්  තැපැල් නියෝජ්‍ය ඇමති ලෙසත්  කටයුතු කලේය.

Read More

නුවන් ලෝක කුසලානයෙන් ඉවතට

  වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප්  අසනීප තත්ත්වයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සදහා සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය නිවේදනය කරයි. ඒ වෙනුවට කසුන් රාජිත ශී‍්‍ර ලංකා සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව තීරණය කර ඇත. දකුණු අපි‍්‍රකාව සමග ඊයේ (28) වති තරගයටද නුවන් ප්‍රදීප්  සහභාගි වූයේ නැත. බොහෝ විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අනිද්දා පැවැත්වෙන තරගයට කසුන් රාජිත කි‍්‍රඩා කරනු ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාව දකුණ අප්‍රිකාවට පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව හා දකුණ අප්‍රිකාව අතර අද (28) පැවති තරගයෙන් දකුණ අප්‍රිකාව කඩුලු 9ක ජයක් වාර්තා කලේය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව  පන්දු වාර 49.3ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 203ක් ලබාගත්තේය. ඊට පිළිතුරු ලෙස දකුණ අප්‍රිකාව කඩුලු එකක් පමණක් දැවී ලකුණු 206ක් ලබා තරග⁣ය ජය ගත්හ. දකුණ අප්‍රිකාව වෙනුවෙන් ප්ලෙසිස් නොදැවී ලකුණු 96ක්ද හෂිම් අම්ලා නොදැවී ලකුණු 80ක්ද ලබාගත්තේය.

Read More

උණ නිසා නුවන්ට අද තරඟය මඟහැරෙයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟය සඳහා නුවන් ප්‍රදීප් සහභාගී නොවන බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ නුවන් ප්‍රදීප් උණ රෝගයෙන් පෙළීම නිසාය. ශ්‍රී ලංකාව මෙතෙක් ජය ලැබූ ඇෆ්ඝනිස්තානය සහ එංගලන්තයට එරෙහිව තරග දෙකේදීම ප්‍රදීප් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත විය.

Read More