ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර රෝහිතගේ මාමණ්ඩියට

නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබේ. ජෙරම් ලී ජයරත්න පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය ක⁣ළේය. ඔහු  මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින  අයි.සී.සී සිවුවෙනි මට්ටම (Level 4 qualified) සමත් වූ පුහුණුකරුවෙක් වීම විශේෂත්වයකි. ජෙරම් ජයරත්න මහතා ⁣රෝහිත රාජපක්ෂගේ මාමණ්ඩිය වේ.

Read More

හතුරුසිංහ ඉවතට?

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව ඉදිරි පැය 24 තුළ අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි ආරංචි මර්ග පවසයි.

Read More

හතුරුව වහා ඉවත්කරන්න හරීන් දන්වයි?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ධුරය දැරූ චන්දික හතුරුසිංහ මහතා නවසීලන්තය තරගාවලියේ පුහුණුකරු ලෙස තබා නොගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා දන්වා ඇතැයි වාර්තා වෙයි. ඒ බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

Read More

නුවන් කුලසේකර ජාත්‍යන්තර තරගවලින් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය⁣මේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. 2003 වසරේ එංගලන්තය සමග එක්දින වරම් හිමිකරගත් ඔහු එක්දින තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට වැඩිම කඩුලු  ලැබු වේග පන්දු යවන්නාය.  ඒ තරග 184කදී කඩුලු 199ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් කුලසේකර එක්දින තරගයක් අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ  2017 ජුලි මස සිම්බාබ්වේ සමගය. T20 තරග වල ලංකාව වෙනුවෙන් දෙවනියට වැඩිම කඩුලු ලබාගෙන ඇත්තේද නුවන් කුලසේකරය.

Read More

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලයම ඉවත් කරයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව එළැඹි තීරණයක් අනුව  චන්දික හතුරුසිංහ ඇතුළු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මීට පෙර උපදෙස් දී තිබුණ බව සදහන් වේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සෙසු පුහුණුකරුවන්ටද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන ලෙස දැනුම්දීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන්නැයි චන්දික හතුරුසිංහ වෙත නිල වශයෙන් දැනුම්දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.  

Read More

ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්ට අස්වෙන්නයි ඇමති දන්වයි

ඉදිරියේදි  බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට  තනතුරුවලින් අස්වන ලෙස ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා  දැනුම් දී තිබේ. ඇමතිවරයා ලිපියක් මගින් කි‍්‍රකට් ආයතනයට මේ බවබදැනුම් දී ඇතැයි වාර්තා වෙයි. එක්දින තරග තුනක් සහිත තරගාවලියක් වෙනුවෙන් දින 10ක සංචාරයක් සදහා  බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම  මෙරටට පැමිනෙයි. පළමු තරගය ජුලි 26 පැවැත්විමට නියමිතය.  

Read More

බෙන්-කේන්ගෙන් දිවි ඇති තුරා සමාව ඉල්ලයි

ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා ලෙස තේරුණු එංගලන්තයේ  බෙන් ස්ටොක්ස් නවසීලන්ත නායකයාගෙන් සමාව ගෙන ඇත. ඒ ලකුණු රැස්කිරීම සඳහා කඩුලු අතර දිව යන අවස්ථාවකදී නවසීලන්ත පන්දු රකින්නන් කඩුල්ලට යොමුකළ පන්දුවක් බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී 4 සීමාව වෙත යාමේ සිද්ධිය නිසාය. තමා දිවි ඇති තුරා ඒ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව තමා  නවසීලන්ත නායක කේන් විලියම්ස්ට පැවසූ බව ස්ටොක්ස් පවසයි.

Read More

වාසනාව

නවසීලන්තය පරාජයට පත් කරමින් ලෝක කුසලාන අවසන් මහ තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් විය. එංගලන්තය ජයග්‍රහණයකලේ  අවසන් තරගයේදී ඔවුන් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙනි. ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය තම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241ක් රැස් කළහ.  නවසිලන්තය පන්දු ඕවර 50 තුලදී හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් එල්ල කිරීමට සමත් වුහ. ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය  එංගලන්තය…

Read More

මඩුගල්ල හා ධර්මසේන යළි තරගබිමට

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට එක්වන විනිසුරු මණ්ඩලය සහ තරග තීරකවරයා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අද (12) ප‍්‍රකාශයට පත්කළේය. ඒ අනුව රන්ජන් මඩුගල්ල අවසන් මහ තරගයේ තරග තීරක ලෙස පත්කර තිබේ. කුමාර් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස පත්කර ඇත. ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ අවසන් මහ තරගයක රන්ජන් මඩුගල්ල තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන සිව්වන අවස්ථාවටයි. ඔහු මීට පෙර 1999, 2003 සහ 2015 යන වසරවල පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගවල තරග තීරකවරයා ලෙස කටයුතු කළා. ඒ අනුව රන්ජන් මඩුගල්ල කි‍්‍රකට් ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් මහ තරග වැඩිම සංඛ්‍යාවක තරග…

Read More

මම ඉල්ලා අස්වෙන්නේ නෑ – හතුරුසිංහ පවසයි

පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට තමන්ට තදින්ම බලපෑම් කෙරෙන නමුත් තමන් තනතුරෙන් ඉල්ලා අස් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. ඊයේ පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී හතුරුසිංහ මහතා එසේ කියා සිටියේය. කෙසේ වෙතත් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ජාතික පුහුණුකරුවා තනතුරෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට ඉහළින් උපදේශකවරයකු පත්කරන බවයි. කොළඹදී අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී හතුරුසිංහ මහතා අවධාරණය කර සිටියේ තමන් තනතුරෙන් ඉවත් නොවන බවත් ක්‍රීඩකයන්ගෙන් මීට වඩා යමක් බලාපොරෙත්තු වන බවත්ය. “මට තවත් මාස 16 ක් තියෙනවා. මගේ ගිවිසුම…

Read More