ජනාධිපතිවරණයට නාමයෝජනා පිළිගත් 35 මෙන්න

ජනාධිපතිවරණයේ භාරදුන් නාමයෝජනා ඉදිරිපත් කළ 35 දෙනාගෙම නාමයෝජනා භාර ගත් බව මැතිවරණ කොමිසම පවසයි. ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා පහතින් දැක්වේ: ජයන්ත කැටගොඩ සමරවීර වීරවන්නී අපරැක්කේ පුන්‍යානන්ද හිමි බත්තරමුල්ලේ සීලරතන හිමි රොහාන් පල්ලේවත්ත නාමල් රාජපක්ෂ අජන්තා විජේසිංහ පෙරේරා මිය බැද්දේගමගේ නන්දමිත්‍ර සමන්සිරි හේරත් ඒ.එස්.පි. ලියනගේ එම්.කේ. සිවාජිලිංගම් සමන් ප්‍රසන්න පෙරේරා සිරිපාල අමරසේන සරත් විජිතකුමාර කීර් ති රත්න අශෝක වඩිගමංගාව දුමින්ද නාගමුව ප්‍රියත් මුනියන් එදිරසිංහ ආරියවංශ දිසානායක අජන්ත ද සොයිසා චමින්ද අනුරුද්ධ මිල්රෝයි ප්‍රනාන්දු අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි වජිරපානි විජයසිරිවර්ධන අනුර කුමාර දිසානායක අරුන ද සොයිසා එම්.එල්.ඒ. හිස්බුල්ලා ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ් බසීර් සේගුදාවුද්…

Read More

අසල්වැසියන් හමුවෙයි

ඉන්දීය හිටපු නාවික හමුදාධිපති වරයෙකු වු අද්මිරල් සුනිල් ලන්බා මහතා ඊයේ (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති,වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ ද සහභාගි විය.   එහිදී, ඔවුන් සුහද කතාබහක නිරත වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Read More

හිරෝෂිමා ඛේදවාචකයට වසර 74යි

පුද්ගලයන් 140,000කට මරු කැඳවු ජපානයේ  හිරෝෂිමා ඛේදවාචකයට අදට (අගොස්තු 6) වසර 74ක් සපිරේ. දෙවන ලෝක යුධ සමයේ දී 1945 දී අද වැනි දිනක ජපාන වේලාවෙන් පෙරවරු 8.15 පමණ ඇමරිකාව විසින් හිරෝෂිමා නගරයට න්‍යෂ්ටික ⁣බෝම්බ ප්‍රහාරය එල්ල විය. ඒ අවස්ථාව සිහිකරමින් අද හිරෝෂිමා නගරයේ පිහිටි ස්මාරකය අභියස සැමරුම් උත්සවයක් පැවැත්වුණි. එම අවස්ථාවට ජපාන අගමැති ශින්ෂෝ අබේ මහතා ඇතුලු ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් විශාල පිරිසක් සහභාගිවූහ.

Read More

එක ලඟින්ම

වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එක ලඟින් මේ අසුන්ගෙන සිටින්නේ  බෙල්ලන්විල රාජමහා විහාරයේ ,යතිවර සමරු පහය, ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයේදීය. බෙල්ලන්විල විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් මෙම නව මන්දිරය ඉදි කර තිබේ.  

Read More

අහිමිවීම

නීති විරෝධීව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා බාරයට ගන්නා ලදී. ඡායාරූපයේ දැක්වෙන්නේ එහි ඔවුන් විසින් අල්ලන ලද මසුන් යාත්‍රාෙව් බිම දමා ඇති අයුරුය

Read More