ආයතන 8ක් කෝප් කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරි සති 03 තුළදී රාජ්‍ය ආයතන 08ක් එහි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා කාරක සභාව හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා සතොස ආයතනය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කමිටුව හමුවට කැඳවා ඇත. අගෝස්තු 23 දින විදුලි බල මණ්ඩලයේ ප්‍රගතිය විමසා බැලේ. සැප්තැම්බර් 3 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාව හමුවට කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටි. මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහජන බැංකුව මෙන් ම පරමාණු බලශක්ති…

Read More

අනතුරකින් තුනක් මරුට

දඹුල්ල- හබරණ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස්  තවත් ⁣දෙදෙනෙකු තුවාල ලබා ඇත. වෑන් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් කුඩාමීගස්වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.  මිය ගිය අයගෙන් දෙදෙනෙකු ගැහැණු පුද්ගලයන්ය.

Read More

රට ආනාරක්ෂිතයි, හඳුනාගත් ත්‍රස්තවාදීන් තවමත් නිදැල්ලේ නෑ

පාස්කු ප්‍රහාරයෙන් පසු   හඳුනා ගත් ත්‍රස්ත කටයුතු සදහා සම්බන්ධ පුද්ගලයන් 130ක් පමණ  සිටින බවත් එයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සියයට පනහක් පමණ බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රජය තවමත් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව තැකීමක් නොකරන බවත් ඔහු සඳහන් කරයි. රටේ ආරක්ෂාව පිළිබඳව සිතන පොදුජන පෙරමුණ ගෝඨාභය රජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් කළ බවද පැවසීය.

Read More

ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු:2 කින්, 95 රු:4 කින් සහ සුපිරි ඩීසල් රු:3 කින් මිල ඉහළ දැමු බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව නව ඉන්ධන මිල ගණන්:⁣පෙට්‍රල් (92)-රු:138, (95)-රු:163, සුපිරි ඩීසල්-රු:134ක් වේ. රු:104ක්ව පැවති ඔටෝ ඩීසල් මිල වෙනස් නොවේ.

Read More

ජනපතිවරණයට පොහොට්ටුවෙන් ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

Read More

සහරාන් සමග පුහුණුවූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

අප්‍රෙල් 21 ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු  පොලීසිය මගින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කදුරුවෙල, මාවනැල්ල සහ වරකාපොල  ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු දැනට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන පුද්ගලයින් බවද අනාවරණය වි තිබේ.

Read More

පල්ලියෙන් ඇල්ලු කඩු නිදහස්කළ පොලිස් නිලධාරියාට වැඩ වරදී

මුස්ලිම් පල්ලියකින් අත්අඩංගුවට ගත් මන්නා පිහි 76ක් සහ පොරෝ 13ක්, නැවත භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරයි. පාස්කු ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල තිබී අත්අඩංගුවට ගත් කඩු සහ කිනිසි මෙසේ යළි භාරදීමට කටයුතු කර ඇත. එළඹෙන හජ්ජි උත්සව සමය වෙනුවෙන් සත්ව ඝාතන සිදුකිරීමට මේ ආයුධ නිදහස් කරන ලෙස පල්ලිවලින් ඉල්ලීම් කර තිබූ බව වාර්තා වෙයි. වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයා මහනුවර ඇසළ පෙරහැරේ රාජකාරි සදහා ගොස් සිටි අවස්ථාවේ වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් මේ ආයුධ නිදහස් කිරීමට පියවර ගෙන ඇත  

Read More

හි⁣ටපු ඇමති 10ක් හා ආණ්ඩුකාරවරයෙක් තවම නිල නිවාසවල?

හිටපු ඇමැතිවරුන් දස දෙනෙකු සහ ආණ්ඩුකාරවරයෙකු තවමත් සිය නිල නිවාස භාර දී නැතැයි වාර්තා වෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මොවුන් අමාත්‍ය ධුරවලින් ඉවත් වීමෙන් පසු  නිල නිවාස භාර දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන්ට දැනුම් දී ඇත.

Read More

ගුරු සිසු තොරතුරු Online ක්‍රමයට

තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. පාසල් පද්ධතිය සක්‍රීය ව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා…

Read More

හිරෝෂිමා ඛේදවාචකයට වසර 74යි

පුද්ගලයන් 140,000කට මරු කැඳවු ජපානයේ  හිරෝෂිමා ඛේදවාචකයට අදට (අගොස්තු 6) වසර 74ක් සපිරේ. දෙවන ලෝක යුධ සමයේ දී 1945 දී අද වැනි දිනක ජපාන වේලාවෙන් පෙරවරු 8.15 පමණ ඇමරිකාව විසින් හිරෝෂිමා නගරයට න්‍යෂ්ටික ⁣බෝම්බ ප්‍රහාරය එල්ල විය. ඒ අවස්ථාව සිහිකරමින් අද හිරෝෂිමා නගරයේ පිහිටි ස්මාරකය අභියස සැමරුම් උත්සවයක් පැවැත්වුණි. එම අවස්ථාවට ජපාන අගමැති ශින්ෂෝ අබේ මහතා ඇතුලු ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් විශාල පිරිසක් සහභාගිවූහ.

Read More