හරීන් ඉල්ලා අස්වෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණයෙන් පරාජයවීමත් සමග හරීන් ප්‍රනාන්දු අැමතිවරයාද ඉල්ලා අස්වී තිබේ. විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධූරයෙන් මෙන්ම පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවසිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Read More

නාගාගේ ඡන්දයත් වෙනත් අයෙකුට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අනුර කුමාර දිසානායක මහතාට සහය දීමට තීරණය කර අැතැයි වාර් තා වෙයි. අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයාය.

Read More

පොහොට්ටු සම්මේලනයට ගිය අතේ නියෝජිතයන්ට වෙච්ච දේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට පිටින් ගිය එස්. බී. දිසානායක, සරත් අමුණුගම, ඩිලාන් පෙරේර, රෙජිනෝල්ඩ් කුරේ, මොහාන් ලාල් ගේ‍්‍රරු යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ති⁣බේ. පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මහා සම්මේලනයට සහභාගි නොවීමට ගත් තීරණයට පිටින් මෙම මන්ත‍්‍රීවරු පිරිස එය⁣ට සහභාගි වූහ. ඒ අනුව එස්. බී. දිසානායක මහතා දැරූ භාණ්ඩාගාරික තනතුරට ලසන්ත අලගියවන්න මහතා පත්කර ඇත. වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත. එම තනතුර මීට පෙර දැරුවේ මහින්ද සමරසිංහ මහතාය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර රෝහිතගේ මාමණ්ඩියට

නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබේ. ජෙරම් ලී ජයරත්න පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය ක⁣ළේය. ඔහු  මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින  අයි.සී.සී සිවුවෙනි මට්ටම (Level 4 qualified) සමත් වූ පුහුණුකරුවෙක් වීම විශේෂත්වයකි. ජෙරම් ජයරත්න මහතා ⁣රෝහිත රාජපක්ෂගේ මාමණ්ඩිය වේ.

Read More

කැනඩාවේ පීල් පොලිස්පතිවූ ලංකාවේ නිශාන්

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ඉතිහාසයේ පළමු වතාවට දකුණු ආසියානුවකුට පොලිස් ප්‍රධානි තනතුරක් පිළිගන්වමින් ශ්‍රී ලාංකිකයකු වන නිශාන් දුරෙයිඅප්පා මහතා පීල් මහනගර සභා පොලිස්පති තනතුරට පත්කරගෙන තිබේ. එමෙන්ම මෙය උතුරු අමෙරිකාවේ ඉහළ පොලිස් තනතුරකට පත්කෙරෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු තැනැත්තා ද වනු ඇති බව එරට වාර්තා පවසයි. යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පාගේ ඥාති පුතෙකු වන නිශාන් වයස අවුරුදු 3දී කැනඩාවේ පදිංචියට ගොස් ඇත. පසුව ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස 1995දි කැනඩා  පොලීසිය බැඳී තිබේ. මීට සිව් වසරකට පමණ පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලාබා ඇති නිශාන්  ඔක්තෝබර් පළමුවනදා සිට පීල් මහනගර සභා…

Read More

සීමාව පැන්න අසල්වැසියන්ට සිදුවූ දේ

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා බාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් කොවිලම් ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදි මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාව මඟින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්ථමේන්තුවට අයත් යාත්‍රාවක් වෙත බාරදීමට…

Read More

අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවක් දෙමාපියන්ට සැර වචන වලින් සලකයි

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉන්න ගුරුවරුන් වැඩි පිරිසක් හරියට වැඩ කරන්නේ නැහැ. ඒක මම දන්න නිසා මගේ දරුවනුත් ටියුෂන් පන්ති යවල තමයි, උගන්නන්නේ යැයි අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කළා යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි මහතා ප්‍රකාශ කළේය. මේ අම්මල තාත්තලටත් මම කියන්නේ හොඳ ටියුෂන් පන්තියක් තෝරාගෙන දරුවන්ට උගන්වන්න යනුවෙන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව ප්‍රකාශ කළා යැයි දෙමව්පියන් මෙහිදි පෙන්වා දුන්නේය. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් රැසක පවතින ගුරු හිගය පිළිබදව අධ්‍යාපන කලාප අධ්‍යක්‍ෂිකාවට පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ දී ඇය ඉහත ප්‍රකාශය කල බව දෙමාපියෝ…

Read More

ජනපතිවරණය නොපැවැත්වෙන හේතු මැකෝ හෙළි කරයි

ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම නොවැම්බර් 15 ත් දෙසැම්බර් 7 ත් අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව ඇති වුණොත්පමණක් එය වෙනස්වන බව පැවසූ ඔහු තමාට ආතතිය සෑදී නැති බවත් යම් හෙයකින් එසේ වුවහොත් කම කාර්‍යාල කාමරයේ සෑම ආගමක ආගමික ග්‍රන්ථ ඇති බවත් ඒවා කියවිය හැකි බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයා තම ධූරකාලය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී ප්‍රත්‍යක්ෂ වූ බවද දේශප්‍රිය මහතා කීය.

Read More

ඇල්ලේන් බීපු තේ කෝප්පයට සුද්දෙක් ලක්ෂ දෙකක් දීලා

ඇල්ල ප්‍රදේශයේ කුඩා තේ කඩයකට පිවිසෙන විදේශිකයෙකු තමා මිලට ගත් තේ කෝප්පය සඳහා ඩොලර් 1100ක් ලබාදීමේ පුවතක් පිළිබඳව වාර්තාවේ. ඇල්ල මාර්ගයේ යතුරුපැදියකින් සංචාරය කළ විදේශිකයා තේ පානය සඳහා අසළ පිහිටි දැකුම්කලු කුඩා තේ කඩයකට පිවිසෙයි. එහිදී ඔහු තේ කඩයේ අයිතිකරු සමග කතා බහකරමින් අවට ප්‍රදේශය හා තේ කඩය පිළිබඳව සහ මේ තරුණයා පිළිබඳව තොරතුරු විමසමින් තේ පානය කරයි. එහිදි මේ තරුණයා තම ව්‍යාපාරය පිළිබඳව විදේශිකයාට තොරතුරු කියන අතර ඔහු දිනකට තේ කෝප්ප 20ක් පමණ අලෙවිකරණ බවත් ඒ ආදායමින් බැංකු ණයක්ද ගෙවමින් ව්‍යාපාරය දියුණු කරගැනීමට වෙර දරන බවත් පවසයි. තේ කෝප්පය…

Read More

බෙන්-කේන්ගෙන් දිවි ඇති තුරා සමාව ඉල්ලයි

ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා ලෙස තේරුණු එංගලන්තයේ  බෙන් ස්ටොක්ස් නවසීලන්ත නායකයාගෙන් සමාව ගෙන ඇත. ඒ ලකුණු රැස්කිරීම සඳහා කඩුලු අතර දිව යන අවස්ථාවකදී නවසීලන්ත පන්දු රකින්නන් කඩුල්ලට යොමුකළ පන්දුවක් බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී 4 සීමාව වෙත යාමේ සිද්ධිය නිසාය. තමා දිවි ඇති තුරා ඒ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව තමා  නවසීලන්ත නායක කේන් විලියම්ස්ට පැවසූ බව ස්ටොක්ස් පවසයි.

Read More