පිටරැටියන් පවා පුදුමවූ නෙල්නා අඹයේ රහස පළමු වතාවට මාධ්‍යට හෙළිකරයි

කාලාන්තරයක් පුරා තේ, පොල්, රබර් සහ ඇඟලුම් ආදිය අපනයනයෙන් විදේශ විනිමය උපයාගත් ශ්‍රී ලංකාව දැන් අඹ අපනයනයෙන්ද විශාල වශයෙන් විදේශ විනිමය උපයන බව නෙල්නා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ඩබ්ලිව්. ජී. එඩී ගුණපාල නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ අඹ වගාකිරීමේ, සැකසුම් කිරීමේ සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස නෙල්නා සමාගම මේ සඳහා විශාල දායකත්වයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය. සභාපතිවරයා මේ බව සඳහන් කළේ මෙරට විශාලතම තනි අඹ වගාව වන, නෙල්නා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත නෙල්නා කෘෂි සංවර්ධන (පුද්ගලික) සමාගමට අයත් බුත්තල, වන්දම ප්‍රදේශයේ පිහිටි අක්කර 500ක අඹ වගා භූමියේදී මාධය අමතමිනි.…

Read More

ඕරම් දන්ත වෛද්‍ය පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහගු කාර්‍යක නිරතවන ඕරම් පුද්ගලික සමාගම දන්ත වෛද්‍යවරුන් වෙනුවෙන් සංවිධානය කළ Basic and Intermediate Implant Training දන්ත වෛද්‍ය පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝසවය ඊයේ (22) පැවැත්වුණි. පාඨමාලාය සාර්ථකව නිම කළ දන්ත වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් 19කට මෙහිදී සහතිකපත් පදානය කෙරුණි.

Read More

දම් සරණී -දිවයිනේ පළමුවරට පූජ්‍ය පක්ෂයට, දහම් පාසල් ගුරුවරුන්ට විශේෂිත වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක්

පන්නිපිටිය පෞද්ගලික රෝහල යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගයමින් ”දම්සරණී” නමින් විශේෂ කාඞ්පතක් හඳුන්වාදී ඇත. මෙම කාඞ්පත රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් පූජ්‍ය පක්ෂයට සහ දහම් පාසල් ගුරුවරුන්ට සුවිශේෂී වට්ටම් සහිතව ප‍්‍රතිකාර ලැබීම සහ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම ඇතුළු තවත් පහසුකම් රැුසක් හිමිවෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසුවේ පූජ්‍ය පක්ෂය සහ දහම් පාසල් ගුරුවරුන්ට ගෞරවය පුදකිරීම සඳහා ඔවුන් වෙත මෙවැනි වරප‍්‍රසාදයක් පිරිනැමීමට රෝහල තීරණය කළ බවය. ”සමාජයේ යහපත උදෙසා කැපවීමෙන් කටයුතු කරන්නන්ගේ සේවය අද…

Read More

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි. පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බව පවසන ඒ මහතා ඒ අනුව එළඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද කියා සිටී. එය උතුරු පළාත මුල් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් වනු ඇති බවද අමාත්‍ය…

Read More

නුවරඑළියට කේබල් කාර්

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයත්, උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීමත්, සුන්දර පරිසරයකට හිමිකම් කීමත් යන කාරණා හේතුකොට ගනිමින් නුවරඑළිය ප්‍රදේශය මේ සදහා තෝරාගෙන ඇත. ඒ අනූව ඇමරිකානු ඩොලර් මිලියන 50ක…

Read More

එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි 40 වැනි සංවත්සරය සමරමින් ගුවන් ගමන් සේවාවක් අරඹයි

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි ව්‍යාපාර සමූහය සිය 40 වැනි සංවත්සරය බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය . එහිදී පැමිණ සිටි අති විශාල ආරාධිතයන් පිරිසක් හමුවේ සමාගම විසින් නිවේදනය කරසිටියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සිය වයාපාර කටයුතු තවදුරටත් පුළුල් කරමින් මෙතැන් සිට තමන් Edward & Christie Aviation නමින් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක්ද ආරම්භ කරන බවය එඞ්වර්ඞ් සහ ක්රිස්ටි සමූහය සමග දීර්ඝ කාලයක් පුරා රැඳී සිටින සේවක මහත්ම මහත්මීන් වෙත ඇගැයුම් සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුවිය. චරිතා ඇරව්වල (අධ්‍යක්ෂිකා), සරත් මුණසිංහ (අධ්‍යක්ෂ- ඉදිකිරීම්),…

Read More

ඉක්මන් වන සියදෙනාට වාසනා නිවසින් සුපිරි වාසියක්

රථවාහන ක්ෂේත්‍රයේ වසර 27ක  පළපුරුද්දකින් යුත් වාසනා ට්‍රේඩිං ලංකා (පුද්ගලික ) සමාගම මේ දිනවල මෙරට වඩාත් ජනප්‍රිය, උසස් තත්ත්වයේ MG මාදිලියට අයත්  (SUV) ජීප් රථ 100ක් අමතර කොටස් සැපයීමේ වගකීමද ඇතුළුව වසර 5ක අද්විතීය වගකීමක් සහ තවත් විශේෂ දීමනා රැසක් සමගින් පාරිභෝගිකයන් වෙත ලබාදීමට තීරණය කර ඇත.වාසනා ට්‍රේඩිං ලංකා (පුද්ගලික ) සමාගම මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනුයේ ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් (පුද්ගලික ) සමාගම සමග අත්වැල් බැඳගනිමිනි.මෙම ජීප් රථ මේවනවිටත් අංක 312,මීගමු පාර,වැලිසර,රාගම දරන ලිපිනයෙහි පිහිටි වාසනා ට්‍රේඩිං ලංකා අලෙවි ප්‍රදර්ශනාගාරය වෙත රැගෙනවිත් ඇති බැවින්,එහි පැමිණෙන පාරිභෝගිකයන්ට…

Read More